කට්ටියකට රිදෙන්න පුළුවන්, තව පිරිසක් වැළළෙන්නත් පුළුවන් මේකෙන් – නියෝජ්‍ය ඇමති රත්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ දිනවල සිදුකෙරෙන්නේ ජනතා මුදල් අවභාවිතා කළ දේශපාලන ක්ෂේත්‍රයේ පිරිසකට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමක් මිස දේශපාලන පළිගැනීමක් නොවන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

“අල්ලනකොට රිදෙනවායි කියකිය මේ දවස්වල වැළපෙනවානෙ හැමතැනම. ජනතා මුදල් අවභාවිතයට ලක්කරපු දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරනවා. මේක මේ දේශපාලන පළිගැනීමක් නෙවෙයි. රිදෙන්න පුළුවන් කට්ටියකට, ඒ වගේම මේකෙන් වැළපෙන්නත් පුළුවන්, වැළලෙන්නත් පුළුවන් තව පිරිසක් මේකෙන් මේ … මේ … කණගාටුවට පත්වෙලා දේශපාලන කෝණයෙන් බලනවා නම්. කිසියම් ආකාරයක රතු එළියක් පත්තු කිරීමක් මේක, ඒ නිසා සූදානම් වෙන්න ඕනෙ තමන් කිසියම් විදියකට මහජන මුදල් කොල්ලකාලා තිබුණා නම් ඒකට නීත්‍යානුකූල විදියට මුහුණ දෙන්න”

නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...