හලාවත සයිබර් අපරාධ ජාලයක් වටලයි :150ක් CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අප්‍රේල් 03, කොළඹ LNW :

හලාවත, අඹකදවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි විදේශිකයන් 150 දෙනෙකු සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතර බහුතරයක් චීන ජාතිකයන් වන අතර වියට්නාමය, තායිවානය සහ මැලේසියාව යන රටවල පුද්ගලයන්ද ඒ අතර වෙති.

ඔවුන් සතුව තිබී පරිගණක සහ ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙම පිරිස මාසයක පමණ කාලයක සිට අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිටි බව අනාවරණය වී තිබේ.

පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හෝටල් පරිශ්‍රය තුළදීම දැනටමත් ක්‍රියාත්මක වේ.

මෙම මෙහෙයුම මගින් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන ජාත්‍යන්තර මට්ටමේ සයිබර් ජාවාරමක් මැඩපැවැත්වීමට බලධාරීන් උත්සාහ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...