නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW:
බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව මේ මොහොතේ ලෝකයේ වැඩිම අවධානය දිනා ගත් ක්‍රිකට් ඇති රට ලෙස හැඳින්විය හැකිය.ඔවුන් අයිසිසී ය විසින් පෙබරවාරි 7 වන දා ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් නෙරපා දමන තෙක්ම ඔවුන් ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නොහැකි බවට වන ස්ථාවරය වෙනස් කළේ නැත. අයිපීඑල් තරගාවලියෙන් බංගලාදේශ ක්‍රීඩකයෙකු ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රීඩා බලධාරීන් කළ මැදිහත්වීමට එරෙහිව බංගලාදේශය සිඳු කළේ ඉන්දියාවේ ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට අවසර ඉල්ලා සිටීමය.එම ස්ථාවරයේ දිගටම රැදී සිටීම සහ අයිසීසී ය එය ප්‍රතික්ෂේප කිරිම මත ස්කොට්ලන්තයට අද වන විට බංගලාදේශයේ ස්ථානය පිරිනමන්නට අයිසීසි ය තීරණය කර ඇත.
එසේම පරිපාලනමය වශයෙන් ද බංගලාදේශ ක්‍රිකට් අභ්‍යන්තරය ප්‍රශ්නකාරී වෙමින් ඇත.ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පහත් කොට කතා කළ බවට බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ නස්මුල් ඉස්ලාම් ඉවත් කළ ආකාරයෙන් මේ මොහොතේ තවත් අධ්‍යක්ෂවරයෙකු මෙන්ම විගණන කමිටු සභාපති මොක්ලේසුර් රහ්මාන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කරන්නට සිඳු වී ඇත.එහිදී ඔහු මේ වන විට විගණන කමිටු සභාපති ධූරයෙන්ද ඉවත් වී ඇත.
මොක්ලේසුර් රහ්මාන් සම්බන්ධ පරීක්ෂණ සිඳු කරන්නේ හිටපු ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල්ගේ නායකත්වයෙන් යුත් BCB හි අඛණ්ඩතා ඒකකය වන අතර පසෙකින් අයිසීසී ය සමඟ ගැටළුකාරී තත්ත්වයක සිටින බංගලාදේශ ක්‍රිකට් පරිපාලනයට අයිසීසී හිටපු දූෂණ විරෝධි ඒකකයේ ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින තමන්ගේ පරිපාලනයේ අධ්‍යක්ෂවරයෙකුගේ වංචාවන් පිළිබඳ සැකය තහවුරු කර ගන්නට සිඳු වී ඇත.
ඉන්දියාව අයිසීසී ය තුළ ෂා හරහා සිය බලය තහවුරු කරගෙන සිටීම ඉන්දියාවට එරෙහි නොවී මේ තීරණයට අයිසීසීය පිවිසීමක් ලෙස ගැනීම එක අතකින් වැරදි නැත.බංගලාදේශයද වර්ථමානයේ දේශපාලනික වශයෙන් ගත් නව තීන්දුවල අතාර්කික පදනම මත ව්‍යාකූල තත්ත්වයට පත්වී සිටීම මෙන්ම ඒ දේශපාලන සංස්කෘතිය විසින් ක්‍රීඩා ආදි කේෂ්ත්‍රයන්හී ද සිය අණසක පැතිරවීමට උත්සාහ දැරීම තුළ බංගලාදේශ ක්‍රිකට් ද සිටින්නේ යම් අස්ථාවර පදනමකය.
මෙම ගැටුම්කාරී තත්ත්වය වෙලාවේ තරගාවලියට සහභාගිවිමේ වැදගත්කම පෙන්වන්නට තමීම් ඉක්බාල් හිටපු නායකයා මෙන්ම වත්මන් ටෙස්ට් නායක නජ්මුප් හොසේන් සැන්ටෝ ද හඬ අවදි කිරීමෙන් ඔවුන්ව ක්‍රිකට් පරිපාලනයේ දෝශ දර්ශනයට ලක් වූ අතර නජ්මුල් මෙවර විස්සයි විස්ස සංචිතයට ද නම් කළේ නැත.එසේම මේ දේශපාලනික වපසරිය තුළ සිය ක්‍රීඩකයින්ද සිය තීරණයට එකඟ කරවා ගැනීමට කැමත්තෙන් හෝ අකමැත්තෙන් බංගලාදේශය සමත්ව ඇත.
බංගලාදේශ ක්‍රිකට් හැටියට මේ මොහොතේ පවතින්නේ ද ක්‍රීඩකයන්ගේ ස්වාධීනත්වය වෙනුවට රටේ දේශපාලන මතය ක්‍රිකට් හී ගිල්වා ගිල්ලීමට බල කිරීමක්ය.ඉදිරියේදී මේ තත්ත්වය සිම්බාබ්වේ ක්‍රීඩකයන් ගණනාවකට ක්‍රිකට් අහිමි වූ තැන දක්වා විකාශය වීමට ද ඉඩ ඇත.ක්‍රිකට් ලෝකයක් හැටියට තිබෙන්නට නොදී එය තමන්ගේ රටේ දේශපාලන හැඳුණුම්පත බවට ඉන්දියාව පත් කර ගත්ත ද,බංගලාදේශය පත් කර ගත්ත ද ඊට එකග වීමට නොහැකිය.ක්‍රීඩාව වැනි ආනන්දනීය විෂයක් ඒ ආකාරයෙන් පළුඳු කරන්නට යාම එකිනෙට නොපෑහෙන කොටස් දෙකක් යා කර විරූපි දෙයක් නිර්මාණය කිරීමක් මිස එය කිසිවිටෙක මිනිසුන්ට ආශක්ත වන දෙයක් නොවේය.
අයිසීසී ය සමඟ පැටලීම මත බංගලාදේශයට සාධාරණයක් අපේක්ෂා කරන කුලකයට වැටෙන වේගයෙන්ම යළි පිටතට වීසි වෙන්නේ බංගලාදේශයේ දේශපාලන වෙනස්කම් සමඟ ඇති වී තිබෙන අලුත් තත්ත්වයන් නිර්මාණය කර තිබෙන පරිපාලනයේ අර්බූදය.ඒ නිසා අයිසීසිය සමඟ ඉන්දියාව පෑහී සිටින බව කියන කතාව ඇත්ත වුව ද,බංගලාදේශයට ද ක්‍රිට;කට් සම්බන්ධයෙන් වූ සුපිරිසිදු පරිපාලනයක් නැති බවට සැක සංකා සාක්ෂි මතුවෙමින් තිබෙන තත්ත්වයක අයසිසී යන ලෝකයට හුදෙකලාව සටන් කරන්නට අවශ්‍යය පිරිසිදු ශක්තිය බංගලාදේශයටත් නැත.


