ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.
මාළිගාවත්ත වකුගඩු රාජකාරී ආවරණය කරන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම මත මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කළේ.
පසුගිය 21 වැනිදා සිට 22 වැනිදා දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමටද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කටයුතු කරන ලදී.
ඊට හේතුව වී තිබුණේ මාළිගාවත්ත වකුගඩු රෝහලේ රාජකාරී ආවරණය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සිදුසුකම් නොලත් අය ලවා රෝගීන් විකිරණ පරික්ෂාවන්ට ලක්කිරීමය.
මේ සම්බන්ධයෙන් වසර දෙකක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබුණද අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා අක්කරෙයිපත්තු රෝහලේ අධ්‍යක්ෂවරයා එම නතනතුරින් තාවකාලිකව ඉවත් කර පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු නොකරන බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කර සිටියි.
එක සමාන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ආකාර දෙකකට ක්‍රියාත්මක වීම තුළ මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ආරක්ෂා කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට සැකයක් පවතින බවද එම සංගමය කියාසිටියි.
එහි සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ ආණ්ඩු වෙනස් වීමත් සමඟ රාජ්‍ය ආයතන පාලනය වීමේ වෙනසක් බලාපොරොත්තු වූ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තවදුරටත් එය පාලනය කරමින් සිටින්නේ අනීතික, දුෂිත, විනය විරෝධී පුද්ගලයින් බවයි.
මේ වන විට මාලිගාවත්ත රෝහලේ විකිරණ පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන උක්ත ගැටළු සහගත තත්ත්වය විසඳා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මැදිහත් වන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.
පසුගිය 21 වැනිදා පැවති සංකේත වැඩවර්ජනයට සමගාමීව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමඟ සාකච්ජා කළද ගැටළුව විසඳීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා 28 වැනිදා සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවන බවටයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ.
කෙසේවෙතත් ගැටළුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරී කටයුතු කරන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ගයට නොගොස් එය අත්හිටුවීමට කටයුතු කරන බවද ඔවුන් පවසයි.
ක්‍රියාත්මක කිරීමට නියමිත මේ වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක සියලු විකිරණ පරීක්ෂණ ප්‍රතිකාර සේවා අඩාල වන බවත් මුල් අදියරේ ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා රෝහල් තුළ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය දුම් දෙයි.
කෙසේවෙතත් හදිසි හා අත්‍යවශ්‍ය සේවා සැපයීම සිදුකරන බවද ඔවුන් තවදුරටත් කියා සිටියි.


