මැතිවරණය කල් දාන්න මේ රජය හැම දෙයක්ම කරනවා – ඩලස්

Date:

එළඹෙන පළාත් පාලන මැතිවරණය කල් දැමීමට වත්මන් රජය කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ නිදහස ජනතා සභාව විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

“මේ නිදහස ජනතා සභාව ගොඩ නගලා දින 10 යක් යන්න කලියෙන් පාලාත් පාලනය ඡන්ද වෙනුවෙන් ආයතන 209 කට නාමයෝජනා දෙන්න පුළුවන් උනා උසස් පෙළ විභාගය අදත් තියෙනවා අපි කියනවා සියලු දේශපාලන පක්ෂ වලින් ඒ කාලය තුළ ඡන්ද වැඩ කරන්න එපා කියලා අපි ඉල්ලනවා විභාග තියෙන දවස් වල. විදුලි කපන්න එපා කියල ,ඒ ළමයි කොවිඩ් වලින් බැට කැවා එනි ළමයිට විභාග හරියට කරගන්න ඉඩ දෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි දිනල දරුවෝ පරාදවෙලා වැඩක්නෑ. ජනාධිපති තුමාට කියනව ලමයි වෙනුවෙන් සංවේදී වෙන්න කියලා.

තව සති දෙකක් තුල 75 වෙනි නිදහස් දිනයයත් එනවා අපි ඒක අධිෂ්ටානය කරන්න ඕනේ අසන්වර අනීතික මේ ආන්ඩුව ඉවර කල යුතුයි කියලා.

මැතිවරණය කල් දාන්න මේ රජය හැම දෙයක්ම කරනවා මොකද ජයග්‍රහණය පිළිබඳ විවිධ විවාදයන් තියෙනවා නමුත් මේ වන විට පරාජිතයා නිරුවත්ව එළිදැක්වී හමාරයි. එනිසා විවිධ උප්පරවැට්ටි යොදනවා. ඊයෙ කරලියට ආපු දේ තමයි මැතිවරණ කොමිසම වෙනස් ඕනේ කියලා අලුත් ව්‍යවස්තා සංශෝධනයක් ආවට පස්සෙ සමාජිකයො අනිවාර්යයෙන් වෙනස් යුතුයි. ඒක මේ වෙලාවෙ නෙමෙයි මේ මැතිවරණයකට නාමයොජනා බාරදීල තියන වෙලාවක්. ඉතිහාසයේ අපි දැක්ක මැතිවරණ එක්ක ක්‍රිඩා කරපු ආණ්ඩුවලට අත් වුන ඉරණම ආණ්ඩුව සමහර තැන්වල අපේක්ෂකයාට මිලක් නියම කරලා තියෙනවා ලක්ෂ ගණනින් සල්ලි දෙන්න උත්සාහ කරනවා. ඒවට අපි ළඟ සාක්ෂි තියෙනවා ඉදිරියේදී මාධ්‍යයට පෙන්නන්නම්”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...