ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා: ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

Date:

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ දර්ශකය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බවයි.

එම දර්ශකයේ නවතම යාවත්කාලීනය අනුව ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළට පැමිණෙමින් අටවෙනි ස්ථානයට පත්ව තිබේ. ඉකුත් වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 45.62% කින් අවප්‍රමාණය වී ඇති බව එම දර්ශකය පෙන්වා දෙයි.

පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ පසු වූ අතර, පසුගිය වසරේ ජනවාරි 01 වැනි දා සිට මෙම වසරේ ජනවාරි 13 වැනි දා දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව 47.69% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබුණි.

ඒ අනුව පසුගිය දර්ශකයට සාපේක්ෂව නව දර්ශකයේ දී ශ්‍රී ලංකා රුපියල 2.07% කින් ශක්තිමත් වී ඇති බවයි දක්නට ලැබෙන්නේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැති මහ නායක හිමිවරු බැහැ දකියි – මාධ්‍යයටත් කතා කරයි !

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම...