රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කරමින් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය, ශ්‍රී ලංකා රග්බි සහ නිපොන් පේන්ට් ආයතනයේ ආශිර්වාදය ඇතිව කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමට පියවර ගනිමින් තිබෙනවා.
එම කාර්යය අරඹමින් ජනවාරි 25 වන දින නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විද්‍යාලයේදි හතර වසරේ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩ සටහන ආරම්භ කළ අතර ඉදිරියේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහාද මෙම කාර්යය ව්‍යාප්ත කිරීමට අදහස් කරන බව සංවිධායකයන් පවසා සිටිනවා.
බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය වෙනුවෙන් එහි සභාපති රොෂාන් ඩීන් සහ භාණ්ඩාගාරික අක්රම් බූසෝ ද සමඟ Nippon paints නියෝජනය කරමින් ලක්ෂිත සහ ධනුෂ්ක යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වුණා.