*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

අන්තිම පන්දුවේදී එක ලකුණට පරදියි

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමට දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාවක් අවසන් මොහොතේ මඟ හැරුණා. ඒ සඳහා අවසන් මොහොතේ ඉවසීම ඉක්මවා යාම ඔවුන්ට බල පෑවා. නමුත් දකුණු අප්‍රිකාව ඉදිරියේ එක ලකුණකින් ලද මේ පරාජයෙන් පසු තරගාවලියෙන් ඉවතට වීසි වුණ ද,ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතයට ඉතා වැදගත් චරිත කිහිපයක් මේ තරගාවලිය හරහා මතු වුණා. ඒ අතරින් වඩාත්ම අවධානය යොමු විය යුතු ක්‍රීඩිකාව වන්නේ දෙව්මි විහංඟා යි.

දෙව්මි මේ තරගාවලියේ පුහුණු තරගද සැළකිල්ලට ගත් විට තරගාවලියේ කඩුලු 16 ට හිමි කම් කියන්නට සමත් වුණා.ඒ සඳහා ඇය ප්‍රතිවාදින්ට එරෙහිව ලකුණු 137 ක් ලබා දී තිබුණා. එසේම ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක් එකතු කරන්නට ද සමත් වූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිවද පන්දු 23 දී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ද සමඟින් ලකුණු 37 ක් ලබා ගන්නට සමත් වුණා.

එසේම ඇය මීට පෙර අර්ධ ශතකය ලබා ගත් බංගලාදේශය සමඟ පැවති තරගයේදී මෙන්ම මෙම තරගයේ දී ද අංක හතර පිතිකාරිණිය ලෙස ක්‍රියාකිරීම කැපී පෙණුනා. තරගාවලියේ ශ්‍රී ලංකාවට සිටින හොඳම පිතිකාරිනියක් වන නෙත්මි සේනාරත්න දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 36 ක් ලබා ගත්තත්,ඇය සිටියේ ලකුණු සඳහා පිවිසීමට වෑයම් කරමින්. එවැනි තත්ත්වයක ඇය පිතිකරු නාමාවලියේ පහතට ගෙන අත්හදා බැලීම වෙනුවට කණ්ඩායම් කළමණාකාරිත්වය සිඳු කළේ දිගින් දිගටම ඇයව එම ස්ථානයට යොදා ගැනීමයි.

LNW පෙන්වා දුන්නේ විශ්මි ගුණරත්නගේ අත්දැකීම් ආරම්භයට ගෙන අංක හතර සහ පහ ස්ථානවල පිළිවෙලින් දෙව්මි විහංඟා සහ මනුදි නානායක්කාර යෙදවීමේ වැදගත්කමයි. මේ ගෙනෙන තර්කයට ඊයේ ද නිදසුන් දකින්නට ලැබුණා. දෙවන කඩුල්ල ලෙස 11 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවට විශ්මි දැවී යන විට ලකුණු පූවරුව ලකුණු 48 ක් වුණා. නමුත් දෙව්මි පැමිණි පසු තෙවන කඩුල්ලට නෙත්මි සමඟ ලකුණු 42 ක් එකතු වූ අතර නෙත්මි දැවි යන විට ලකුණු 90 ක් වූ ලකුණු පූවරුව සඳහා පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 15.5 ක් ගත තර තිබුණා.

පන්දු ඕවර් 11. 3 දි ලකුණු 48 සහ පන්දු ඕවර් 4.2 දී 42 ක් වූ ලකුණු පූවරුවට ජයග්‍රහණය සඳහා වූ ඉලක්කය පන්දු ඕවර් 4.1 දී ලකුණු 45 ක් වුණා. ලකුණු 90 දී පිටියට පිවිසි මනුදි ලකුණු 119 දී පිටියෙන් ඉවත් වන විට පන්දු 9 ට මුහුණ දී ලකුණු 17 ක් එකතු කර දී තිබුණා. එතැන සිට මීට පෙර අවස්ථාවක ඉදිරියෙන් පැමිණ වේගයෙන් පහරදීමට ඇති හැකියාව පෙන්නූ දුලංගා ඉදිරියට ගැනීමට තිබුණත්, ඇය පීඩනය වැඩි මොහොතක දි පිටියට කැඳවා ආවා.

දකුණු අප්‍රිකාව ලකුණු 134 ට සීමා කිරීමේදී දෙව්මි විහංඟාගේ පන්දුව ආරම්භක පන්දු යැවීමට ගත් තීරණය මෙහිදී ද කැපී පෙණුනා. අප කීවාට එසේ නොකළද, එසේ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ පන්දු යැවීම ඒ ආකාරයට සැකසීම යහපත් බව LNW පෙන්වා දුන්නා. දෙව්මි ඊයේ ද සිය පන්දුවලින් කඩුලු දෙකක් දඩයම් කරේ ලකුණු 22 ක් පමණක් ලබා දෙමින්. ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ සිටි විදුශිකා පෙරේරා ද ඊයේ දිනයේදීත් සාර්ථක වූවා. ඇය ලකුණු 25 ට කඩුලු 3 ක් දවා ගත්තා. දුලංගා දිසානායක පන්දු ඕවර් 3 දී නවතා නොගෙන ඇය පන්දු ඕවර් 4 සඳහාම යොදා ගත්තේනම් ලකුණු ප්‍රමාණය තව අඩු වීමට තිබුණු අතර දුලංගා ලකුණු පාලනය ඉලක්ක කර ගනිමින් පන්දු යවමින් ලකුණු 15 ට සිය පන්දු ඕවර් 3 නිමා කරා.

විශේෂයෙන් කණ්ඩායම් පුහුණුකාරිය වූ ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකාව බිහි කළ හොඳම නායිකාවයි. එසේම අවස්ථානුකූලව සිය ක්‍රීඩාවේ රිද්මය කෙසේ පවත්වාගත යුතු ද යන බුද්ධිය සතු ක්‍රීඩිකාව බවට හැඳින්විය හැක්කේ ද ඇයයි. මේ තරගාවලියේදී ඇය තුළින් මතු වූ හැකියාව තව දුරටත් ඇයට වඩා පුහුණු කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙක් යටතේ ඇය ක්‍රියා කළ යුතු බව පෙන්වූවක් බව අපේ හැඟීමයි. සමහර විට ශෂිකලා වැන්නියක් ඉතා ඉක්මණින් ඉහළ වගකීම් පවරා දීර්ඝ කාලයකට ඇයට ක්‍රියා කරන්නට ඇති ඉඩ හකුළා දමන්නටත් පුළුවන්. ශසිකලා ඒ ගැන අවධානයෙන් තමන්ට වඩා පුහුණු කේෂ්ත්‍රයේ ප්‍රවිනයෙක් යටතට වැටීම රටේ ක්‍රීඩාවට වැදගත් මෙන්ම ශෂිකලාට ද වැදගත් දෙයක් වනු ඇති බව නිසැකයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ අවසාන පන්දුවේදී ජයග්‍රහණය අහිමිවීමෙන් පසු උමායා රත්නායක කම්පාවට පත්වෙද්දි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් ඇය සැනසීමට ගත් උත්සාහයයි.

සමස්ත තරගාවලියේම ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග සොයා ගොස් අප මේ පරාජය සම්බන්ධයෙන් කියන කරුණු සහ ඉතිහාසයේ තී සටහන් සංසන්දනය කරන්න ඔබට මේ පිවිසුම යොදාගත හැකියි.

https://stats.espncricinfo.com/ci/engine/records/team/match_results.html?id=15002;team=7000;type=tournament

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan