නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්!

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ,ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළන් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි එල්ල වී තිබුණු චෝදනාවෙනුයි.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන හෙයින් ඔවුන් එලෙස නිදොස් කොට නිදහස් කර තිබේ.

නාලක ගොඩහේවා මහතා සමඟ නිදොස් කොට නිදහස් වූ අනෙක් විත්තිකරුවන් වන්නේ විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අයයි.

මෙම නඩුව ගොනු කරන ලද්දේ පසුගිය යහපාලන කාලයේ නීතිපතිවරයා විසිනි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...