සංශෝධිත ආදායම් බද්දට එරෙහිව මහ බැංකුවේ ලොකු පුටුත් පාරට! (VIDEO)

Date:

සංශෝධිත නව ආදායම් බදු පනතට එරෙහිව මහබැංකු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් මහ බැංකුව ඉදිරිපිට අද (26) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මහ බැංකුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව පිරිස ජනධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් යාමට සූදානම් වීමත් සමඟ ඊට පොලීසිය බාධා කරනු ලැබීය.

අධි ආරක්‍ෂිත කලාපයට ඇතුල්වීමට නොහැකි බවත් තවදුරටත් අවශ්‍ය නම් මහ බැංකුව ඉදිරිපිටම් විරෝධතාව පවත්වන ලෙසයි පොලීසිය පවසා තිබුණේ.

අනතුරුව ජනධිපති මන්දිරය ඉදිරිපිට ඔවුන් සිය විරෝධතාව දක්වන ලදී.

මෙහිදී විරෝධතාකරුවන් හා පොලීසිය අතර යම් උණුසුම් තත්ත්වයක් මතු විය.

සංශෝධිත නව බදු පනතට එරෙහිව සියලුම වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 23 වැනිදා සිට කළු සතියක් නම් කෙරුණු අතර එහි තවත් පියවරක් ලෙසයි මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...