ඉදිරි මාස තුන තුළ ගල්අඟුරු නෞකා 21 ක් ආනයනය කිරීමට සැළසුම්

Date:

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසූවේ නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය මුදල් සපයාගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණය ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරි මාස තුන තුළ ගල්අඟුරු නෞකා 21 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත්ය.

ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7 න් නෞකා 5 ක් මේ වන විට ගොඩබා ඇති අතර ඉතිරි නෞකා දෙක මෙම මස තුළ ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් මෙම වසරේ සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල්අඟුරු නෞකා 33 ක් ලබාගත යුතුව බවත්, බැංකුවලින් ලැබෙන ණය පහසුකම්වල ප්‍රමාණය අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන බවත් විදුලිය අවම කප්පාදුවකින් ලබාදීමට කටයුතු කරන බවත් එම නිළධාරියා පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...