ඇමති චන්ද්‍රසේන වානේ සංස්ථා ඉඩම නොමිලේම දෙන්න ගියේ නන්දන ලොකුවිතානට !

Date:

කඩුවෙල ප්‍රදේශය ආසන්නයේ පිහිටි, රජය සතු අක්කර 185ක ඉඩමක්, ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් කිසිදු මුදලක් අයකිරීමකින් තොරවම ව්‍යාපාරිකයකුට පවරා දීමට උත්සාහ කිරීම පිළිබඳ පුවතක් පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්ව තිබිණි.

පසුගිය සතියේ මෙන්ම මේ සතියේදීත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව ඇති අතර අමාත්‍යවරුන් පිරිසකගේ දැඩි විරෝධය නිසා ඇමති චන්ද්‍රසේනට එම කැබිනට් පත්‍රිකාව හකුළා ගැනීමට සිදුවුණු බවත් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් මෙම ගනුදෙනුවට අදාළ ව්‍යාපාරිකයා කවුරුන්දැයි මාධ්‍ය වාර්තා කර තිබුණේ නැත.

මෙසේ ඉඩම් අමාත්‍යවරයා මෙම වටිනා ඉඩම නිදහස් දීමනා බලපත්‍රයකින් ලබාදීමට උත්සාහ කර ඇත්තේ මෙරට ප්‍රකට සුපිරි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන නන්දන ලොකුවිතාන මහතාට බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඩුබායි හි මැරියට් හෝටලයේ ද හිමිකරු වන නන්දන ලොකුවිතාන මහතා මෙරට ඉදිකිරීම්, වානේ කර්මාන්ත වැනි ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය කර ඇති අතර මෑතකදී ඔහු කළුතර ප්‍රදේශයේ සුවිසල් ටයර් කර්මාන්ත ශාලාවක් ද ස්ථාපිත කළේය.

නන්දන ලොකුවිතාන මහතාට ඉහත සඳහන් ඉඩම ලබාදෙන ලෙස එස්. එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස් ලබාදී ඇත්තේ රජයේ තවත් ප්‍රබලයෙකු විසින් බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...