ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි!

0
539

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරයෙන් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කිරීමට ෆර්ඩිනැන්ඩු මහතා කටයුතු කර තිබෙන අතර එළඹෙන 01 වැනිදා සිට සිය ඉල්ලා අස්වීම පිළිගන්නා ලෙස එහි දක්වා ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද ඉල්ලා අස් වී තිබේ.

ලංවිම විදුලි ඉංජිනේරු සංගමයෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල කළ අතර ඔවුන් බලකළේ ද ෆර්ඩිනැන්ඩු මහතා එම තනතුරින් ඉවත් කළ යුතු වන බවයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here