ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට CIDය සීල් තියයි

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) පස්වරුවේ කටයුතු කර තිබේ.

එසේම ඊට විශේෂ ආරක්ෂාවක් ලබාදීම සඳහා කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ද යොදවා ඇති බව සඳහන්.

2009 වසරේ සිට නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ආනයනය කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී අදාළ විමර්ශනය ආරම්භ කර තිබිණි. මෙසේ 2009 වසරේ සිටම ගල් අඟුරු ආනයනය කළ ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබුණේ ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳව වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට චෝදනා එල්ල වන පසුබිමක් තුළය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...