GMOA වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අත්හරී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): අද දින (26) ප්‍රභූ ගිලන්රථ සේවා සහ ජංගම, සෞඛ්‍ය කඳවුරුවලට නොපැමිණීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සුදානම් කළ ද, ඉන් කොන්දේසි සහිතව ඉවත් වන බව ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA) තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මෙම ජනවාරී මාසයේ සිට DAT දීමනාව ලබා දීමට රජය එකඟව සිටියද ඒ තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබිණි. මේ තත්වයන් මත වෛද්‍යවරුන් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමේ අවදානමක් මතුව තිබිණි.

එසේම සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළ ද පසුව ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම තත්වය පහව ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම පරාජයට පත් කරමින් වෛද්‍යවරුන්ට ලැබිය යුතු සාධාරණය ඉටු කිරීමට මැදිහත් වූ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට GMOA මහා කමිටුව විසින් කෘතඥතාවය පළ කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...