තවත් මාරක අනතුරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): අද  (26) අලුයම කොළඹ පිටත වටරවුම් මාර්ගයේ  කඩවත සහ කෙළවරපිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී ඕස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා schusccr  woifgamg  නැමැත්තෙකි. අදාළ වෑන් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 60 හැවිරිදි   ඔහුගේ මව  තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත.

මියගිය පුද්ගලයා මව සහ පියා සමග  මෙරට සංචාරයක් සඳහා පැමිණ  හික්කඩුව සංචාරක හෝටලයේ නවාතැන් ගෙන  යලි මවුරටට යාම සඳහා ගැලනිගම අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා  සුඛෝපභෝගී වෑන් රථයෙන් යමින් සිටියදී මෙම මාරක අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

වෑන් රථය පැදවූ මෙරට රියදුරු ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයකට ඉස්සර කර  මාර්ගයේ වම් පසට ගැනීමත් සමගම   ආපදාවකට ලක්ව මාර්ගයේ එක් මං තීරුවක නවතා තිබූ   ලොරි රථයේ පිටුපස ගැටීමත් සමඟම රියදුරු වෑන් රථය දකුණට හැරවීමේදී  වෑන් රථයේ වම් බඳ පෙදෙසට දැඩි අලහභානිවී වට දෙකක් කැරකි මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස්  කොට්ටාව දෙසට මුහුණලා   වෑන් රථය නතර වී ඇතැයි පොලිසිය කියයි

අනතුර වෙන අවස්ථාවේදී මවුපියන් දෙදෙනා සහ මියගිය පුතු , වෑන් රථයේ පිටුපස ගමන් කර ඇතැයිද  ඔහු වෑන් රථයේ වම්පසට වන්නට අසුන්ගෙන සිටීම හේතුවෙන් මෙලෙස බරපතල තුවාල සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි

වෑන් රථය  පැදවූ මහනුවර  පදිංචි 30 හැවිරිදි රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇතැයි පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි...

මට දැන් කියන්නෙ ‘දුඹුරු සීනි පියා’ කියලා. මම ඒකට කැමතියි – ඇමති හඳුන්නෙත්ති

දේශීය දුඹුරු සීනි ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්...

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...