දෙටු – කණිටු පළමු තේරීම මාර්තු 01 – 02

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 26 කොළඹ (LNW): ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මේ වසරේ පැවත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන දෙ’අංශයටම බලපාන පරිදි පවත්වනු ලබන තේරීම් තරගාවලියේ පළමුවැන්න මාර්තු මස 01 සහ 02 යන දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට යෝජනා කර ඇත.


මේ තරගාවලිය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 24 දා සිට ක්‍රියාත්මක කරන අතර කොළඹ 7 නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පිහිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මූලස්ථානයෙන් අයදුම්පත් නිකුත් කිරීම සිඳු කරන අතර එසේ ලබා පුරවන ලද අයදුම්පත් භාරගැනීම පෙබරවාරි 14 වන දා අවසන් වේ.


මේ තරගාවලිය හරහා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල,දකුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය,දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය මෙන්ම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය යන තරග සඳහා සුදුස්සන් තෝරාගැනීමේ පළමු අවස්ථාව වනු ඇත.එසේම මේ වසරේ දී පැවත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ආසන්නයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ තරගාවලිය සිය දක්ෂතා ජාත්‍යන්තර මට්ටමෙන් තව දුරටත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යයතාවය වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වීමට සූදානමින් සිටිනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...