*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

රාජ්‍ය අමාත්‍යවරයාගේ මන්ත්‍රී ධූර පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇති බව සඳහන් වේ.

ඒ අනුව, පුත්තලම මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ මිය යාම හේතුකොට ගෙන 2024 ජනවාරි 25 වැනි දින සිට නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

එම ලිපිය මගින් නියෝජ්‍ය මහ ලේකම්වරයා දන්වා ඇත්තේ, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවට මෙම දැනුම් දීම සිදුකරන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan