රාජ්‍ය බලය ලබාගැනීමට පෙර ජා.ජ.බ. යේ ප්‍රබලම සටන් පෙරමුණු දෙක වශයෙන් තිබුනේ ගොවි සංගම් සහ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ව්‍යාපාරයි.. නමුත් දැන් ඔවුන්ට බලය ලැබීමෙන් පසුව ඔවුන්ට එරෙහි ප්‍රබලම සටන් පෙරමුණ නිර්මාණය වන්නේ ගොවි සංගම් තුලින් බව පෙනේ.. හෙට අනිද්දට රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ව්‍යාපාරද ඊට නොදෙවෙනි ලෙස ආන්ඩුවට එරෙහිව කඳවුරු බඳිනු ඇත.. මෙය මෙසේ වන්නේ මන්දැයි අප මදක් විමසා බලමු…
ලංකීය භූමියේ නිධන්ගත ඌන සංවර්ධනයේ සැබෑම හේතුව අමෙරිකාවවත්, ඉන්දියාවවත්, චීනයවත්, වෙන මොන හොරෙකුවත් නොවේ.. අර්බුදයේ සැබෑම නිධන්ගත රෝගකාරකය ඇත්තේ මේ කුඩා දූපත තුලමය..
ඒ සඳහා එක් උදාහරණයක් ගන්නේ නම් ලංකාවට පිටින් සහල් ගෙන්වන්නේ නම් සහල් ටොන් ලක්ෂයක් පමණ ගෙන්වන විට රජයට කෝටි බාගයක පමණ බදු ආදායමක් ලැබේ.. නමුත් එසේ නොකොට ඒ සහල් ප්‍රමාණය මෙහෙ නිශ්පාදනය කිරීමට ගියවිට අහිමිවන බදු ආදායමට අමතරව රජයට තව කෝටියක පමණ අලාබයක් සිදුවේ… මෙහිදී දේශීය වීවගාව නිසා රජයට සිදුවන මහා පාඩුව රජය පියවාගනු ලබන්නේ විදේශ රැකියාවල නියුක්තව සිටින අය එවන විනිමය සහ ඇඟළුම් වැනි ආයෝජන කලාපවලින් උපයන විනිමය යොදා ආර්ථික හිස් තැන පිරවීමෙනි..
රාජ්‍ය සේවයේ තත්වයද එසේමය.. රජයේ සේවකයින්ට පඩි ගෙවීමට මසකට රුපියල් ට්‍රිලියනයක් පමණ මුදලක් රජයට වැයවේ.. නමුත් මේ වැයවන මුදලින් කාලක්වත් රජයට ආපසු නොලැබේ.. රජය එහි පාඩුව පියවාගන්නේද පෙරකී ආයෝජන කලාපවලින්, සංචාරක කර්මාන්තයෙන් සහ විදේශ ශ්‍රමිකයන් එවන විනිමය යොදා පාඩුව පියවාගැනීමෙනි..
හැබැයි එහෙම කියලා ලංකාවේ වෙළෙඳපොළ ආර්ථිකය ගොඩනගලා විවෘත ආර්ථිකය තුලින් ලංකාවට විනිමය ලැබෙන නව ක්‍රමවේද හදපු ජේ.ආර්.ජයවර්ධනවත් අර ලංකාව බංකොලොත් කරපු වී ගොවියන්ට විරුද්ධව ආඩපාලි කියන්ට ගියේවත්, වීවගාව නැතිවෙන තැනට වැඩකරන්ට ගියේවත් නෑ.. ඒ වෙනුවට ඔහු ලෝකයෙන් ආධාර අරන් පංච මහා ජලාශ හදලා නව මහවැලි කලාප නිර්මාණය කරලා වී ගොවීන් වෙනුවෙන් ලොකු වැඩකොටසක් කරා..
ඔහු එහෙම කලේ අම්පාර, කුරුණෑගල , අනුරාධපුර, පොලොන්නරුව වැනි ප්‍රදේශ වල වීවගාව හැර ජීවත්වීමට වෙන වෘතියක් නැති අති විශාල ප්‍රජාවක් රටේ ජීවත්වන නිසාය.. එසේම සදාකාලිකවම පාඩු ලබන රාජ්‍ය සේවයේ අභිවෘදිය වෙනුවෙන්ද ඔහු විශාල මෙහෙවරක් කල බව නොරහසකි ..
ඇත්තෙන්ම රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය යනු මේ සියල්ල සමබරව පවත්වාගෙන යාම මිස මේ එකකට එරෙහිව අනෙක උසි ගැන්වීම වත් එක ආර්ථික ප්‍රජාවක් වල පල්ලට යැවීමවත් නොවේ..
මෙතෙක් සිටි සියළු පාලකයන් කලේද මේ සියල්ල සමබරව පවත්වාගෙන යාමයි.. නමුත් රාජ්‍ය පාලනය සම්බන්ද ආදුනික තත්වයක සිටින ජා.ජ.බ. ආන්ඩුවට මේ දේශපාලන සමබර තාවය ගැන අවබෝධයක් නැත..
අවුල එන්නේ එතැනිනි.. දැන් ඔවුන් විසින් සංවිධානය කල ගොවි පෙරමුණු සහ වෘත්තීය සමිති තුලින්ම ඔවුන් ඔවුන්ගේ ප්‍රබලම සතුරා නිර්මාණය කරගනිමින් සිටී..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ