ක්‍රීඩාංගණ සංදර්ශන සඳහා ද ක්‍රීඩා සඳහා ද?

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 27 ,(LNW)කොළඹ :

පැවැති ආණ්ඩු තමන්ගේ දේශපාලන සංදර්ශන වෙනුවෙන් ක්‍රීඩාංගණ විනාශ වෙන අන්දමේ බොහෝ වැඩ කටයුතුවල යෙදිණ.එසේම මේ ක්‍රීඩාංගණ භාර පරිපාලන දේශපාලනික වේවා,රජයේ නිලධාරින් වේවා ඒ මොහොතේ එම පරිපාලනයට ලැබෙන මූල්‍යමය වාසි සළකා ක්‍රීඩාංගණ සංගීත සංදර්ශනවලට ලබා දීම සිඳු කරයි.ඒ නිසා ක්‍රීඩාංගණවල පොළවට සිඳුවන හානිය සුළු නැත.

එවැනි තත්ත්වයක එම ක්‍රීඩා පිටිවල ක්‍රීඩකයන් යම් ආබාධයකට ලක් වුවහොත් සමහරවිට ඒ නිසා ඔහුට හෝ ඇයට මුළු ක්‍රීඩා දිවියම අත හරින්නට ද සිඳු විය හැකියි.මේ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති,ඒ අවදානමේ දිග පළල හොඳින් දන්නා ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයෙක් මේ මොහොතේ සිටින බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇති කිරීම අත්‍යවශ්‍යය කාරණයකි.

සංදර්ශනවලින් ලැබෙන ආදායම ගැන සිතා කටයුතු කිරීමට විරුද්ධ වන්නට නොහැකිය.එහෙත් සංදර්ශනයක් පවත්වන පිරිසට ක්‍රීඩාංගණයට මෙවැනි හානියක් නොවීම සඳහා වැඩ කිරීම අනිවාර්ය කරන ජාතික මට්ටමේ නීති පද්ධතියක් සකස් කළ යුතුය.එයට රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යාංශ යටතේ චක්‍රලේඛයක් සකස්වීම අත්‍යාවශ්‍ය කාරණයකි.එය ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම හරහා සිඳුවිය යුතු අතර එම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලනයට,පළාත් පාලනයට,ක්‍රීඩා අමාත්‍යාංශයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියලුම ක්‍රීඩා පිටි සඳහා වලංගු එකක් කළ යුතුය.

සංදර්ශන සංවිධායකයන්ගෙන් විශාල තැන්පත් මුදලක් ලබා ගත යුතුය.යම් හානියකදි දින තුනක් ඇතුළත ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කළ යුතුය.එසේ නොවන්නේනම් ක්‍රීඩාංගණ ය භාර ආයතනය එම මුදලින් ක්‍රීඩාංගණය වහාම ප්‍රතිසංස්කරණය කළ යුතුය යන්න ඊට වඩාත් සුදුසුවන කොන්දේසියකි.

එසේම ක්‍රීඩාංගණයට හානි නොවන ආකාරයට ස්ථානය ක්‍රීඩාංගණයේ පරිපාලකයන් තීරණය කිරීම අනිවාර්ය වේ.වාහන ඇතුල් කිරීම සිඳු නොවිය යුතුය.යම් අවස්ථාවක ශබ්ද උපකරණ වැනි දේ සඳහා ඇතුල් කළ යුතුනම් සංදර්ශනය පවත්වන ස්ථානය ක්‍රීඩා පිටියේ ක්‍රීඩාවට හානි නොවන ස්ථානයක් නම් කිරීමෙන් වෙනස් කර ගත හැකි අතර,එම ස්ථානයට ප්‍රවේශ පහසුකම් ද ක්‍රීඩාංගනය භාර පරිපාලනය සිදු කළ යුතුය.

තවත් වැදගත් දෙයක් වන්නේ,ක්‍රීඩාංකනයක් කුමන හෝ ඉසව්වකට ලබාදීමේදී,එය අයත් පරිපාලන ආයතනය,එහි සිටින ක්‍රීඩාව භාර නිලධාරීන්ගෙන්ද අවසර ගත යුතුය.සමහර විට වැදගත්, රටේ පවතින ක්‍රීඩා ඉසව්වකට එම ප්‍රදේශයේ ක්‍රීඩකයන්ට සහභාගි වීම සඳහා පුහුණුවට හෝ එම ක්‍රීඩාංගනය අවශ්‍ය වන්නේ නම්,ක්‍රීඩා නොවන කටයුත්තකට එම ක්‍රීඩාංගනය ලබා නොදිය යුතුය.

මේ ඡායාරූප නාරම්මල යු.බී විජේකෝන් ක්‍රීඩාංගණය,අලව්ව ක්‍රීඩාංගණය සහ තවත් නම සඳහන් නොකළ ක්‍රීඩාංගනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වාර්තා වලින් උපුටා ගන්නා ලද ඒවාය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...