යෝෂිත රාජපක්ෂත් ඇප මත නිදහස් !

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, අද (ජනවාරි 27) පෙරවරුවේ ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියම කළේ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යෝෂිත රාජපක්ෂව මුදා හැරීමට ය.

මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බව යි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළ අතර සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කරන ලෙසට ද සැකකරුට නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යෝෂිත රාජපක්ෂව පසුගිය 25 වනදා බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චි විසින් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දීම තුළින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවකට අදාළව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...