අනියම් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ (LNW):

කාන්තාවක් විසින් තම අනියම් සැමියාට පිහියකින් පහරදීමෙන් පසු අනියම් සැමියා මියගොස් ඇති පුවතක් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වේ.


වැල්ලවාය පොලීසිය පවසන්නේ , වැල්ලවාය පොලිස් වසමට අයත් වීරසේකරගම උළුගෙදර මොවුන් අඹුසැමි යුවළක් ලෙස , තාවකාලිකව පදිංචිව සිටි බවයි .


මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පී.පී. සුජිත් ප්‍රදීප් කුමාර නැමති අයෙක් වේ, ඔහු විවාහකයෙක් වන අතර නාවලපිටිය සොයිසාකැළේ පාර පදිංචිව සිට ඇත .

ඔහුට , මෙලෙස පිහි පහර එල්ල කළ අනියම් බිරිඳ , 24 හැවිරිදි හල්දුම්මුල්ල සොරගුණේ රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි බව සඳහන් වේ. වැල්ලවාය වීරසේකරගමට පැමිණ නිවසක් කුලියටගෙන පදිංචිව සිට ඇති මෙම යුවල අතර, නිතර නිතර ආරවුල් හට ගෙන තිබූ බවයි වාර්තා වේ.

මෙම තරුණිය සිය අනියම් සැමියාට ඇයව නීත්‍යානුකූලව විවාහ කරගන්නා ලෙස ඉල්ලා  ආරවුල් ඇතිකරගෙන ඇති අතර (26) වෙනිදා සවස හයට පමණ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසුව ඇය ඔහුට පිහියෙන් ඇන ති බව සඳහන් වේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අනියම් සැමියා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස පිහිඇනුම සිදුකළ තරුණිය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති අතර, අද (27) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...