කොළඹ LNW:සෑම අමාත්‍යංශයක්ම අධීක්ෂණය කිරීම සදහා විශේෂ කමිටු පිහිටුවීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.
අදාළ විෂය පථයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත පිරිසක් එම කමිටුවල සාමාජිකත්වය දරන අතර සාමාජිකයන් දහයත් පහළොවත් අතර සංඛ්‍යාවකින් යුතු මෙම කමිටු සකස් වනු ඇති බව සඳහන්.
එම කමිටු සාමාජිකයින්ට කිසිදු දීමනාවක් නොලැබෙන අතර ස්වෙච්ච්ජා සේවයක් ලෙස එය දක්වා ඇති බවද සඳහන්.
එවැනි යාන්ත්‍රණයක් චීනයේ හා වියට්නාමයේ ද ක්‍රියාත්මකයි.
ආශිකා බ්‍රාහ්මණ