සමහරුන්ට ඕනෙ ආණ්ඩුව සහ නීතීඥ ප්‍රජාව අතර ගැටුමක් හදන්න. අපි ඒ ලණු කන්නෙ නෑ. අපි පරිණතයි – ඇමති බිමල්

Date:

නීතිපතිවරයාට හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට චෝදනා කිරීමට උත්සාහ කිරීම හොඳ නැති බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට ඇතැමුන් එල්ල කරන චෝදනා කිසිදු පදනමක් නොමැති ඒවා බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“ජනවරමේ ලොකු අභිලාශයක් තමයි මේ දූෂිතයින්ට දඬුවම් දෙන එක, හැබැයි නීත්‍යානුකූලව. ඒ නිසා තමයි රජයේ ඇමතිවරුන්ට තියෙන බංගලා දෙකක් දැන් අල්ලස් කොමිසමට දීලා දැන් ඒකෙ ත්‍රිපුද්ගල විනිශ්චයකාරවරු දාලා දැන් ඒක පටන් අරන් තියෙනවා. මේ මාසෙ අග වෙනකොට තවත් බංගලා දෙකක් දෙනවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සම්බන්ධයෙන් කටයුතු කරන්න. යුක්තිය රාජපක්ෂ ස්ටයිල් එකට, රනිල් ස්ටයිල් එකට ඩෝසර් කරලා කරන්න ගියොත් මොකද වෙන්නෙ, මේ හොරුන්ට ආර්ථික අපරාධකරුවන්ට ඉතුරු වෙනවා චෝදනාවක් කියන්න අපිට දඬුවම් කළේ සාධාරණ අධිකරණ ක්‍රමයකින් නෙවෙයි කියලා. ජනාධිපතිතුමා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පටන් ගන්නකොට කිව්වා මේ නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන අකාර්යක්ෂමතාවය. එතුමා සඳහන් කළේ මට මතක විදියට ඒ ආයතනය විතරයි. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ මේ මහා පරිමාණ ඝාතකයින්ගේ දූෂිතයින්ගේ ෆයිල් බේරාගත්තු අති විශිෂ්ඨ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් නොවෙන්න අද මේ නඩු කරන්න හම්බවෙන්නෙ නෑ. මොකද මේ නඩු 2015 පමණ දාපු නඩු. නීතිපති දෙපාර්තමේන්තුව කරපු විශිෂ්ඨ සේවයක් තිබෙනවා. ඒ වගේම ගැටලුවකුත් තිබෙනවා. එහි ප්‍රධානීන් මේ අභිලාශය තේරුම් අරගෙන ඊට ගැලපෙන ලෙස වෙනස් වෙලා තිබෙනවා. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවෙත් එහෙමයි. ඒ නිසා අපට දුම්රිය දෙපාර්තමේන්තුවෙත් සමහර තීරණ ගන්න වුණා. අපි වෙනස් කළා සමහර ප්‍රධානීන්. ඒ වෙනස් කළේ මේ අභිලාශය තේරුම් අරන් වැඩ කරන්න ඕනෙ නිසා. හැබැයි ඒ වෙනස් කරන්න නීත්‍යානුකූල, සදාචාර සම්පන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා අපි කොහෙත් උත්සාහ කරන්න හොඳ නෑ නීතිපතිවරයාට හෝ එහි අනිත් නිලධාරීන්ට … ඒ කියන්නෙ හර්ෂණ ඇමතිවරයාට කරන චෝදනා කිසි පදනමක් නෑ. හර්ෂණ නානායක්කාර කියන්නෙ ජාතික ජන බලවේගය ගොඩනඟන්න දායක වෙච්ච දැවැන්ත නායකයෙක්. කවුරුහරි විශ්වාස කරනවාද මේ හර්ෂණ නානායක්කාර නීතිපතිට අනුව වැඩකරනවා කියලා ? පිස්සු ! එහෙම එකක් නෑ. අපි එක ටීම් එකක්. එකම දේ අපි ඕනෑවට වඩා සම්ප්‍රදායන්, නීති රාමු කඩලා වැඩ කළොත් මොකද වෙන්නෙ ? මේ බලවත් පුද්ගලයො. මේගොල්ලන්ට පුළුවන් ජනාධිපති නීතීඥවරු පස්දෙනා, දහදෙනා නඩුවට ගේන්න. බැසිල්ලාගෙ නඩුවලට මේ අලුත්කඩේ හෝටල් බුක්කරලා ජනාධිපති නීතීඥයො ගෙන්නාගෙන නවත්වාගෙන තමයි නඩු ඇහුවෙ. ඒ තරම් බලවත්. ඒ නිසා අපි පොඩ්ඩක්වත් කලබල වෙලා මේ දූෂිතයින් නඩුවේ තාක්ෂණික දෝෂ නිසා නිදහස් වෙන්න දියයුතු නෑ. ඒ නිසා ජනතාවගේ අභිලාශය තේරුම් අරගෙන අපි හිතනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු හැමකෙනාම කටයුතු කරයි කියලා. සමහරුන්ට ඕනෙකම තියෙනවා ආණ්ඩුව සහ අධිකරණය අතර, ආණ්ඩුව සහ නීතීඥ ප්‍රජාව අතර ගැටුමක් හදන්න. අපි ඒ ලණු කන්නෙ නෑ. අපි දේශපාලන වශයෙන් පරිණත ව්‍යාපාරයක්. අපි පිළිවෙලට ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරනවා”

අමාත්ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ට්‍රම්ප්ගේ “Board of Peace” සඳහා රුසියාවෙන් බිලියනයක ආයෝජනයක්!

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...