ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව නිවේදනය කර තිබේ.

ඒ, පසුගිය වසරේ ඇති කරගත් වෙළෙඳ ගිවිසුමකට අනුව දකුණු කොරියාව එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 350 (£256bn) ආයෝජනය කිරීමට පොරොන්දු වූ නමුත් ඒ වෙනුවෙන් කටයුතු නොකරන බවට චෝදනා කරමිණි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, මෝටර් රථ, දැව භාණ්ඩ, ඖෂධ ඇතුළු නිෂ්පාදන රැසක් සඳහා දැනට පවතින සියයට 15ක බදු ප්‍රමාණය මෙලෙස ඉහළ නංවන බවයි.

කෙසේ නමුත්, බදු ඉහළ නැංවීමේ මෙම තීරණය පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් ලැබී නොමැති බව දකුණු කොරියාව ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ කඩිනම් සාකච්ඡා ඇරඹීමට දකුණු කොරියාවේ කර්මාන්ත අමාත්‍ය කිම් ජුන්ග්-ක්වාන්, එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් හමුවීම සඳහා හැකි ඉක්මනින් වොෂින්ටනයට පැමිණීමට නියමිත බව සඳහන් කර තිබේ.

දකුණු කොරියාව පසුගිය වසරේ එක්සත් ජනපදයට ඩොලර් බිලියන 123 (£ බිලියන 90) ක් පමණ වටිනා භාණ්ඩ අපනයනය කළ අතර එය චීනයෙන් පසු දෙවන විශාලතම අපනයන වෙළඳපොළ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...