බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා අද ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩගේ ප්‍රධානත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් පවත්වයි.

අද පෙරවරුවේ සිට පස්වරු 06.30 දක්වා එය කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වෙන අතර ප්‍රර්ථනා බෝධියක් සහිතව අතුරුදහන් වුවන්ට මෙන්ම එම පවුල් වෙත වෙත යුක්තිය ඉටුකරන ලෙස එහිදී බලධාරීන්ට අවධාරණය කෙරෙයි. සන්ධ්‍යා කාලයේදී ආලෝක පූජාවක්ද පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ඇතුළු දේශපාලන, සමාජ ක්‍රියාධරයන් එක විය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී අතුරුදහන් කරන ලද අතර මේ වන විට වසර 16ක් නික්ම ගොස් තිබේ.

ඊට අදාළ නඩුකරය තවදුරටත් විභාග වෙමින් පවතින අතර සන්ධ්‍ය එක්නැළිගොඩ අපේක්ෂා කරන්නේ මෙම වසරේදී එම නඩු කටයුත්ත අවසාන වී සිය සැමියා හට යුක්තිය ඉටු කර ගැනීමය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගෙන් යළි ප්‍රහාර එල්ල කිරීමේ අනතුරු ඇඟවීම් – ඉරානය රුසියාව ඇතුළු රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් තීව්‍ර කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඇමෙරිකා එක්සත් ජනපදය...

‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු...

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...