කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් සඳහා බටහිර කොදෙව් දූපත් හී සංචාරයකට සහභාගි වන්නට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කරනවා.මේ සංචාරයේදී බොහෝ විට ගෙවුණු කාන්තා ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට සංචිතයට ඇතුළත් වීමට ඉඩ ලැබෙනු ඇතැයි විශ්වාසය පළවෙනවා.විශේෂයෙන්ම අවුරුදු 19 න්පහළ කණ්ඩායමක් ලෙස ලීග් තරගාවලියට නම් කර තිබුණු ‘රතු‘ කණ්ඩායමේ නායිකාව තරගාවලියේ වැඩිම කඩුලුලාභිණිය වෙමින් පෑ දස්කම් ආදියට මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි විශ්වාසය පළ කෙරෙනවා.
අලුත් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වගේම කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටින ක්‍රීඩිකාවන්ද මේ තරගාවලියේදි මහත් උද්යෝගයෙන් පෙර දස්කම් අතරට පැමිණෙන අයුරු මෙම තරගාවලියේදි දකින්නට ලැබුණා.ඒ අතර අවසාන තරගයේ වීරවරිය වූ ඕෂධි රණසිංහ මෙන්ම තරගාවලිය පුරාම පාහේ පිත්තෙන් දස්කම් දැක් වූ හංසීමා කරුණාරත්න වැනි ක්‍රීඩිකාවන් විශේෂ තැනක් ගන්නවා.සත්‍යා සංදීපනී ද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් අවධානය දිනා ගත් තවත් ක්‍රීඩිකාවකි.
පහතින් දැක්වෙන්නේ තරග කාල සටහනය.

එක්දින තරග කාල සටහන
පෙබරවාරි 20 වන දින 1 වන එක්දින තරගය ග්‍රෙනාඩා ජාතික ක්‍රීඩාංගනය
පෙබරවාරි 22 වන දින 2 වන එක්දින තරගය ග්‍රෙනාඩා ජාතික ක්‍රීඩාංගනය
පෙබරවාරි 25 වන දින 3 වන එක්දින තරගය ග්‍රෙනාඩා ජාතික ක්‍රීඩාංගනය
විස්සයි විස්ස තරගාවලිය
පෙබරවාරි 28 වන දින 1 වන විස්සයි20 තරගය ග්‍රෙනාඩා ජාතික ක්‍රීඩාංගනය
මාර්තු 1 වන දින 2 වන විස්සයි20 තරගය ග්‍රෙනාඩා ජාතික ක්‍රීඩාංගනය
මාර්තු 3 වන දින 3 වන විස්සයි20 තරගය ග්‍රෙනාඩා ජාතික ක්‍රීඩාංගනය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...