‘Operation Epic Fury’ අසාර්ථකයි, දැන් ඔවුන් පහර දෙන්නේ අන්ධයෙකු මෙන්; යුද්ධය අවසන් කරන දිනය තීරණය කරන්නේ ටෙහෙරානය’- ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකාව සහ ඉශ්‍රායලය එක්ව දියත් කර ඇති ‘Operation Epic Fury’ මෙහෙයුම හරහා ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ (Regime Change) ‘A සැලසුම’ සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ.

දින දෙක තුනකින් ඉරානය දණගැස්විය හැකි බවට සතුරන් මැවූ සිහිනය බොඳ වී ඇති බවත්,පසුගිය පෙබරවාරි 28 වැනිදා උත්තරීතර නායක අලි ඛමේනි ඝාතනය කිරීමෙන් පසු ඉරානය අස්ථාවර වනු ඇතැයි ඇමරිකාව අපේක්ෂා කළ ද, ඔහුගේ පුත් මොජ්ටාබා ඛමේනි නව නායකයා ලෙස පත්වීම හරහා පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය තහවුරු වී ඇති බවත්, දැන් ඔවුන් කිසිදු ඉලක්කයක් නොමැතිව අන්ධයෙකු මෙන් සිවිල් වැසියන්ට සහ යටිතල පහසුකම්වලට පහර දෙන බවත්, අරග්චි CNN වෙත සඳහන් කර තිබිණ.

මෙම යුද්ධය අප විසින් තෝරාගත් යුද්ධයක් නොවන බවත්, මෙය අප මත පටවන ලද යුද්ධයක් බවත් ප්‍රකාශ කළ විදේශ අමාත්‍යවරයා, ඇමරිකාව සමඟ යළි කිසිදු සාකච්ඡාවකට එළඹීමේ සූදානමක් නොමැති බව ද අවධාරණය කළේය.

ඉරානය ඇමරිකාව සමඟ සාකච්ඡා පවතින අතරතුර ඇමරිකාව ප්‍රහාර එල්ල කිරීම නිසා ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ඔහු පෙන්වා දුන් අතර යුද්ධය අවසන් කරන දිනය තීරණය කරන්නේ වොෂින්ටනය නොව ටෙහෙරානය බවත්, අවශ්‍ය තාක් කල් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවණු ලැබිය.

කෙසේ නමුත්, ජැක්සන් හින්කල් (Jackson Hinkle) වැනි දේශපාලන විශ්ලේෂකයින්ට අනුව, ඉරානය සතු මිසයිල බලය විනාශ කර පාලන තන්ත්‍රය බිඳ දැමීමට ඇමරිකාව ගත් ‘B, C සහ D’ යන සියලු උපක්‍රමශීලී සැලසුම් මේවන විට අසාර්ථක වී තිබෙන බව කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...