*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

බලේ ඇති විට සහ නැති විට මොලේ හැඩ

ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් අමල් හර්ෂ ද සිල්වා කහ වතුරෙන් දෝවනය වන හැටි පසුගියදාක අපි දුටිමු.ඒ ක්‍රීඩා කේෂ්ත්‍රය දේශපාලනීකරණය වි ඇති බව කියමින්ය.හැබැයි ඒ දේශපාලනීකරණය වූ පසුබිමෙ ඔහු එම ක්‍රීඩාව පාලනය කරන අමාත්‍යංශයේ ගණන් තැබීමේ නිලධාරියා සිට සිඳු වූ සියලු දේ ට වගකිව යුතුය.ඒ කිසිඳු සිදුවිමකට තමන් සම්බන්ධ නැති බව හැඟවීම පිළිගත නොහැකිය.එක රට කියා සිතන මහා පුරවැසියෙක්නම් එතුමාට තිබුණේ ලේකම් පුටුවට පයින් ගසා බැස යන්නටය.

මෑත කාලයේ රෝහණ පුෂ්පකුමාර කෘෂිකර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් පුටුවෙන් බැස ගියේ ඒ ආකාරයටය.ඔහු මේ රටේ අර්බූදය හදන්නට කෘෂිකර්මාන්තය හරහා සිඳු වූ බලපෑඹට වගකිව යුතු නැත්තේ ඔහුට ඒ ඔල මොට්ටල තීරණ ක්‍රියාවට නඟනු වෙනුවට ඉල්ලා අස් වෙන්නට කොන්දක් තිබිය යුතු නිසාය.

අමල් හර්ෂ ද නියෝජනය කර තිබුණ ක්‍රීඩාව පහළම සමාජ ස්ථරයෙන් නැඟෙන පාපැදි ක්‍රීඩාවය.ඒ නිසාම ජනතාව සමීප ක්‍රීඩාවක් හැටියට ඊට වඩා සංවේදීව ක්‍රීඩාව ගැන හිතන්න හුරුවක් අමල් හර්ෂ ට තිබිය යුතුය.එසේ නොවී වචන කිහිපයකින් දේශපාලන බලපෑම් සිඳු වුණා කියා නොකියා අඩුම තරමේ ඔහු ප්‍රධාන වශයෙන් දැනට ඔහු විසින් පවසන පාපන්දු,රගර් සහ ක්‍රිකට් සම්බන්ධයෙන් දේශපාලනය මැදිහත් වුණේ කෙසේද යන්න පැහැදිළිව පැවසිය යුතුය.

අමල් හර්ෂ සිල්වා ලේකම්වරයා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩකයින් ඇගයෙන ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමට පැමිණියේය.මාධ්‍යය හමුවේ ඔහු කියා සිටියේ ඉදිරියේදී සිඳු වූ දේවල් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව පියවර ගන්නා බවය.එම සංචාරයට රාජකාරිය නිවැරදිව නොකර (ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහස) සහභාගි වී කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ටොරිංටන් බිමේ නිදි කරවූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද කණ්ඩායම් ප්‍රධානී සේ සහභාගී වී සිටියේය.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රශ්නය නිසා ඔහු මෙරටට කැඳවීය.

එසේ තිබියදී සිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් කිසිඳු විමසීමක් නොකර අමාත්‍යංශ ලේකම් හර්ෂ කරේ එම රැස්වීමේ කී කරුණුවලට හාත්පසින් වෙනස් තීරණයක ඉද දින කිහිපයකට පසු ජාතික ඔලිම්පික් කමිටුවෙන් නිදහසට කරුණු විමසීමය.ඒ හර්ෂ ලේකම්වරයාගේ ස්වභාවය ය.
මෑතකම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තරයට අමාත්‍යංශයට පිටින් කරුණු දැක්වීම ගැන චෝදනා කරමින් සහ ගෝරනාඩු කරමින් ලිපියක් යැවීමය.ඒ තෙවන පාර්ශවය නැතිනම් දේශපාලනය බලපෑම් කිරිමය.පාපන්දුවේ කතාව අවුරුදු ගණනක් ඇදෙමින් තිබෙන්නේය.එය තහනමක් වෙන තෙක් ඔහුගේ කාලයේ එය වළක්වන්නට අවශ්‍යය පියවර ගත්තේ නැත.ඔහුත් සිටිය ෆිෆා හා යෙදුණ රැස්වීම්වල එකඟතාවය අනුව නිලවරණය නොකිරිම ප්‍රධාන ගැටළුවය.එසේ නොකරන්නේ ඇයි ද යන්නවත් ලේකම්වරයා ෆිෆා දැනුවත් කර තිබුණේනම් ෆිෆා මෙච්චර රළු නොවන්නට තිබිණ.ඇත්ත ඇත්තටම එබඳුය.

ඒ නිසා බලේ තිබෙන විට අමාත්‍යංශයේ දේශපාලන ප්‍රධානියාට තමන්ගේ නූල දී ඔහු නටවන අයුරෙන් නටා දැන් එළියට ඇවිත් ඇමති නටන බව කීවාට අපි ඇමතිගේ නූලෙන් නැටුව කෙනා දැක අවසන්ය.නමුත් හරියටම නොදැන මේ නැට්ටුවන් සහ නටවන්නාද නටවන අය පසුපස සිටින්නේය.ක්‍රීඩාවේ සකලවිධ දේ දත් සේ සියල්ලම අනන්නේ ඔවුන්ය.නමුත් කුමන හෝ ක්‍රීඩාවක නියැලීම හෝ පාලනයට සම්බන්ධව සිටීම යනු ඒ කිසිවක් කර නැති අමාත්‍යවරයාට ඔවුන්ව රජ සේ පෙනෙන්නට ප්‍රමාණවත්ය.

නමුත් අඩුම තරමේ අමාත්‍යංශ ලේකම්කමෙන් විසි වී එළියට පැමිණි පසු තමන් බබා වෙන්නට හදන අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍යවරයා සමඟ සිටින කේවට්ටයන්ද සමඟ සමාජයට හෙළිදරව් කරන්නේනම් එය ක්‍රීඩාවට යහපත් දෙයකි.එහෙත් එසේ නොකර මේ කරන කෙකරගෑම් නම් කවදාවත් බිත්තරයක් වැටෙන මට්ටමේ ඒවා නොවේය.විලිරුදාව පමණක් පෙන්වා අනුකම්පාව දිනා ගැනීමේ කිකිළි කපටිකමක්ය.

බලේ තියෙන කොට සහ නැති කොට මිනිස්සු හැසිරෙන හැටි දකින්නට වෛද්‍ය අමල් හර්ෂ හොඳම නිදසුනක්ය.දැනට ඔබේ හැසිරීම ගැන කිව හැක්කේ එපමණකි.දත්ත සහ තොරතුරු ඇතිව ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයා ගත් ක්‍රීඩාවට බලපෑම් ඇති කරන දේශපාලන තීරණ සහ ඒවාට කේවට්ට උපදෙස්කම් සැපයූ පිරිස ඔබට පැවසිය හැකිනම් ඔබේ කෙකර ගෑම අවංක උථ්සාහයක් හැටියට අපි භාරගන්න කැමත්තෙමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan