කොකාට වාරයක් ආවා නම් තිත්තයාටත් වාරයක් තිබෙනවා

Date:

ආණ්ඩුව බඩු මිල ඉහළ දමමින්, බදු ඉහළ නංවමින්, ආර්ථිකය කඩා වට්ටමින් සහ ජනතාවගේ රැකියා නැති කරමින් ජනතාවගෙන් පලි ගත් අතර, කොකාට වාරයක් පැමිණියේ නම් තිත්තයාටත් වාරයක් තිබෙන බවත්, ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමට එළඹෙන මාර්තු 09 වන දින ජනතාවගේ වාරය පැමිණ තිබෙන බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුර ජාතික ජන බලවේගය විසින් පැවති රැළියක් අමතමිනි.

“රනිල් වික්‍රමසිංහ ඉස්සෙල්ලාම කිවුවා මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඉඩදෙන්නෙ නැහැ කියලා. මැතිවරණ කොමිසම ජනවාරි 05දා ප්‍රකාශ කළා මැතිවරණය පවත්වන බව. රනිල් වික්‍රමසිංහ පරාදයි. මැතිවරණය ප්‍රකාශයට පත්කළාට ඇප මුදල් බාර ගන්න දෙන්නේ නැහැ කීවා. රාජ්‍ය පරිපාලන ලේකම් හපුහින්න මහතා උපයෝගී කරගෙන දිසාපතිවරුන්ට ලියුම් ඇරියා. ඇප මුදල් බාරගන්න එපා කීවා. ඒකත් හරි ගියේ නැහැ. නාම යෝජනා බාරගන්න එක නතර කරනවා කිවුවා. 18 වනදා නාම යෝජනා බාර දෙන්න පටන්ගෙන 21දා වන විට නාමයෝජනා බාරගෙන ඉවර වුණා. ඊට පස්සේ ඡන්දෙට දින නියම කරන්න බැරිවෙන බව කීවා. මාර්තු මාසෙ 09දාට ඡන්ද දිනයත් තීන්දු කර තිබෙනවා. “09 වැනිදාට ඡන්දය තියන්නෙ නෑ” යනුවෙන් රනිල් වික්‍රමසිංහ පවසනවා.

රනිල් වික්‍රමසිංහගේ සියලු ප්‍රකාශයන් අසාර්ථක කළා වගේම මෙම ඡන්දය නැවැත්වීමේ ප්‍රයත්නයත් අපි අසාර්ථක කරන බවට සහතික වෙනවා. ගිය වසරේ පවත්වන්න තිබුණ ඡන්දෙ කල් දාලා ගෝඨාභය රාජපක්ෂට රටින් පනින්න සිදුවුණා. මහින්ද රාජපක්ෂට නාවික හමුදා කඳවුරක හැංගෙන්න වුණා. ඒ අවුරුද්ද ඇතුළත කැබිනට් මණ්ඩලයට ගෙදර යන්න සිදුවුණා. ඇමතිවරුන්ට ගමට එන්න බැරිවුණා. මැතිවරණය 09 වැනිදා පවත්වන්නේ නැත්නම් මේ රටේ ජනතාව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් මීට වඩා ප්‍රබල සටනක් දියත් කරන බව රනිල් වික්‍රමසිංහ තේරුම්ගත යුතුයි.

දැන් ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නේ කවුද? එක පැත්තකින් මේ රට පාලනය කරපු, තුනෙන් දෙකේ බලය ගත්තු, ජනාධිපති පුටුව දුන්නු, පොහොට්ටුවේ කට්ටිය තැන තැන ඡන්දෙට ඉදිරිපත් වෙලා තිබෙනවා. සමහර තැන්වල පොහොට්ටුවයි, අලියයි ජෝඩු දාල ඉන්නවා. සමහර තැන්වල එකට එකතු වෙලා ඉල්ලනවා. මේ පිරිස් කවුද? මේ රට විනාශ කරපු, රට කඩා වට්ටපු, අපේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරපු, තරුණයන්ගේ අනාගතය පිළිබඳ තිබුණු සිහින කඩා වට්ටපු, අපේ තරුණ ජීවිත මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්කරපු, රටේ නීතිය කඩා වට්ටපු, අපේ රට ලෝකයේ ණයකාරයෙක් බවට පත්කරලා ණය ගෙවා ගන්න බැරිතරමේ ආර්ථිකයක් හදපු, ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැතිකරපු, ව්‍යාපාරිකයාට ආදායම නැති කරපු කට්ටියක් එක පැත්තක ඉන්නවා.

ඒගොල්ලෝ ආණ්ඩු අරගෙන ජනතාවගෙන් පලි ගත්තා. බඩු මිල වැඩි කළා, බදු ගැහුවා, ආර්ථිකය වැට්ටුවා, රස්සා නැති කළා, අනුරාධපුරේ කුඹුරු යායවල් නාටුවෙන තත්වයට පත්කළා. ගොවියට පොහොර ටික දුන්නේ නැහැ. ජනතාවගෙන් පලි ගත්තා. කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් තිබෙනවා. දැන් 09 වැනිදා ඇවිල්ලා තිබෙන්නේ ජනතාවගේ වාරය, දෙන්න ඕන තීන්දුව හරියටම “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි – අද (09) කාලගුණ වාර්තාව !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...