ගාල්ලටත් වරාය නගරයක් … (VIDEO)

Date:

කොළඹ වරාය නගරය හා සමාන ව්‍යාපෘතියක් ගාලු වරාය ආශ්‍රිතව ද ඉදිකිරීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“මේ ගාල්ල වරාය ස්වභාවික වරායක්. මේ වරාය සංචාරක වරායක් ලෙස වැඩිදියුණු කරන බව සෞභාග්‍යයේ දැක්ම තුළ අපි පැහැදිලිවම සඳහන් කළා. ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නෙ මේ සංවර්ධනය තුළින් නව දියකඩනයක් ඉදිකරන්න. ඒ දියකඩනය ඉදිකිරීමත් එක්කම වරාය නගරය හා සමාන හෙක්ටයාර් 40ක භූමියක් අපට ලැබෙනවා. ඒ භූමිය තුළ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ කොළඹ වරාය නගරය හා සමානවම ගාලු පුරවරයේ පෞද්ගලික ආයෝජකයින් විසින් සංචාරක ක්ෂේත්‍රයට අදාළ සාප්පු සංකීර්ණ, හෝටල්, ඒ වගේම නිවාස, ඒ සියල්ල ඒ තුළින් ක්‍රියාත්මක කරන්න”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ගාල්ල වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙස් විදෙස් ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සමග ඊයේ (26) පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගාල්ල වරාය සංවර්ධනයේදී නව දියකඩනයක් නිර්මාණය කිරීම, මගී නෞකා සඳහා නව මගී පර්යන්තයක් නිර්මාණය කිරීම සහ හෙක්ටයාර 40ක භූමි ප්‍රදේශයක් මුහුද ගොඩකර නව භූමියක සංචාරක කලාපයක් ඇති කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ හරහා යොට්ච් මැරීනා කලාපයක්, දිය මත ඉදිවෙන සංචාරක නිකේතන, ජල ක්‍රීඩා ප්‍රදේශ සහ හෝටල් ඉදිකිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් වෙත අවස්ථා උදා කර දීමට අපේක්ෂා කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...