විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ සභාපති අමාත්‍යාංශ ලේකම් ධුරයට …

විදුලිබල මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඊයේ (26) යොමු කළ එම්. සී. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා විදුලිබල අමාත්‍යාංශයෙහි ලේකම්වරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේදී ද ෆර්ඩිනැන්ඩෝ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙහි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර ඔහු එයින් ඉවත් වූයේ එවකට විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග ඇතිවූ ගැටුමක් හේතුවෙනි.

කෙසේවෙතත් අමාත්‍යාංශ ලේකම් තනතුර දැරූ සමයේදී ඒ මහතා විදුලිබල වෘත්තීය සමිති සමග වඩාත් හොඳින් කටයුතු හසුරුවාගෙන තිබුණු බැවින් එම අත්දැකීම් ද සලකා බලා නැවතත් ඔහුව එම තනතුරට පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

ඒ අනුව දැනට අවුල් ජාලයක් බවට පත්ව ඇති විදුලිබල අමාත්‍යාංශයෙහි ලේකම් ධුරය භාරගන්නා ලෙස එම්. සී. සී. ෆර්ඩිනැන්ඩෝ මහතාට රජයෙන් ආරාධනයක් ලැබී ඇති අතර ඔහු විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ද නව තනතුර භාරගැනීමට බවයි ආරංචිමාර්ග පැවසුවේ.

පසුගිය රාජපක්ෂ රජය 2015 දී බිඳවැටීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටි ඒ මහතාව 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු නැවතත් මෙරටට ගෙන්වාගෙන තිබුණේ ද නව රජයේ වගකීම් ඉටුකිරීමට සහාය ලබාගැනීම සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...