*
Monday, May 20, 2024
spot_img

Latest Posts

රටට ශක්තියක්, ධීවරයෝ…..

2021 වර්ශය ගෙවී ගොසින්‍ ය..

ශ්‍රීලංකාව අසීරුම අවුරුද්දක් ගෙවා දැමුවේය..

කොවිඩ් රැලිය.. ගුරු උද්ඝෝෂණය..

කෙසේ හෝ සියල්ලටම මුහුණ දුන් ගෝඨාගේ ආණ්ඩුව,
පූර්ණ වශයෙන් එන්නත්කරණය සිදු කරන ලද රටක් බවට,
පුංචි ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව,
පත් කලේය..

එය ලෝකයේම පැසසුමට පාත්‍ර වුවත්.. ලංකාවේ කුහක සිත් ඇත්තෝ..
කවමදාකවත් එයට හොඳක් කීවේ නැත..

නමුත් සෑම අඳුරු වළාවකම රිදී ඉරක් ඇත..

කොවිඩ් වසංගතය අතරතුර..

ලංකාවේ ධීවර ක්ෂේත්‍රය 2021 වර්ශය තුල ආදායම් ඉපයීම අතින් නව වාර්තාවන් රැසක් පිහිටුවා ඇත.
2021 වසරේදී මේ වාර්තා පිහිටුවන්නේ බාදක පිට බාදා පැමිණෙන විටදීය..
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කේන්ද්‍ර වූ කොවිඩ් පොකුරෙන් බාදාය.
කොවිඩ් නිසා විවිද වරායන් හා වෙළඳ පොළවල් වසා දැමීම්‍ ය.
රටපුරා කොවිඩ් රැලි ඉහල යද්දි සංචරණ සීමාය.
විදේශ වෙළඳපොළවල් වසා දැමීම්ය.
XPressPearl නෞකාවේ ගින්න හා පුත්තලමේ ඇති වූ ගංවතුර තත්වය නිසාද සැලකිය යුතු බලපෑමක් ඇති විය.
නාවික හා ගුවන් බහලුම් ගාස්තු තුන් ගුණයකින් පමණ වැඩි විය.
මෙම බාදක මැද ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව, ධීවර ක්ෂේත්‍රයේ සියළු පාර්ශවකරුවන්ගේ හා නිළදාරීන්ගේ උත්සහය මත රටක් ලෙස ඉහත බාදකද සාර්ථක ලෙස ජයගනිමින් ධීවර ක්ෂේත්‍රයේ අති දැවැන්ත ජයග්‍රහණ අත් කරගෙන ඇත.

ඒ ජයග්‍රහණ සැකෙවින් මෙසේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ,
වැඩිම අපනයන ආදායම වාර්තා කර ඇත. එය ඇ.ඩො. මිලියන 318කි. (2020දී එය ඇ.ඩො. මිලියන 215කි).
2020 සිට 2021 දක්වා මෙට්‍රික් ටොන් 21,298 සිට 26,749 දක්වා, එනම් 25% කින් නිශ්පාදනය ඉහල ගොස් ඇත.
ධීවර ක්ෂේත්‍රයේ වැඩිම වෙළඳ ශේෂය 2021දී වාර්තා කර ඇත. වෙළඳ ශේෂය යනු , යම් නිශ්පාදන ක්ෂේත්‍රයක ආනයන හා අපනයන අතර ඇති පරතරයයි. එය 2021 වර්ෂයේදී ඇ.ඩො. මිලියන 192කි. (2020දී එය ඇ.ඩො. මිලියන 23කි) එය 734% ක වැඩිවීමකි.
පසුගිය දශකය තුල අවම මුහුදු ආහාර ආනයන වියදම සහ මුහුදු ආහාර ආනයන ප්‍රමාණය වාර්තා කිරීමට සමත් විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 126ක් සහ මෙට්‍රික් ටොන් 56,176ක් ( 2020 වර්ෂයේ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 196ක් සහ මෙට්‍රික් ටොන් 85,809 ක් විය) එය ආනයන වියදමේ හා ප්‍රමාණයේ 35%ක අඩුවීමකි.
වැඩිම ඉස්සන් වගා නිෂ්පාදනය වාර්තා කිරීමට සමත් වීඇත. එය මෙට්‍රික් ටොන් 14,415කි. මෙය පෙර වැඩිම නිෂ්පාදන ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නය. එමෙන්ම ඉස්සන් අපනයන ආදායම 162%කින් වර්ධනය කර ගැනීමට සමත්ව ඇත.
විසිතුරු මත්ස්‍යයන් අපනයන වටිනාකම 74% කින් වර්ධනය කරගෙන ඇත්තේද කොවිඩ් අවදානම මධ්‍යයේය.
දේශීය ටින් මාළු නිෂ්පාදනය දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කරගැනීමට සමත්විය. රට තුල දේශීයව නිශ්පාදය වූ දෙනික ටින් මාලු අවශ්‍යතාවය,
2020 දෙසැම්බර් වනවිට ටින් 90,000කි. එය 2021 දෙසැම්බර් වන විට ටින් 220,000 දක්වා වැඩි කිරීමට හැකි වී ඇත.
රටේ දෛනික අවශ්‍යතාවය ටින් 275,000කි. මෙම වර්ෂයේ එම ඉලක්කය සම්පුර්ණ කිරීමට සහ අතිරික්තව නිෂ්පාදනයට ඉලක්ක සකසා ඇත.
ටින් මාළු ආනයනය 76.2% කින් අඩු කර ගැනීමට සමත්ව ඇත.2019 වර්ෂයේ ටින් මාළු ආනයනය මෙට්‍රික් ටොන් 36,806 ක් වූ අතර 2021 වර්ෂයේ ආනයනය මෙට්‍රික් ටොන් 8,758ක් විය.එයද වෙළඳ ශේෂයට වාසිදායක ලෙස බලපෑමක් කර ඇත.

කොවිඩ් වසංගතය මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුලු රජය, ධීවර ක්ෂේත්‍රයේ ලබාගත් ඉහත ජයග්‍රහණ පිළිබඳව තොරතුරු සමාජගත නොවීම රටේ අවාසනාවය. “නිශ්පාදන ආර්ථිකය” යන සංකල්පය වචනයකට සීමා නොකර මහපොළොවේ පැළ කිරීමට මේ ගන්නා උත්සහය සාර්ථක කර ගැනීමට අප රටක් ලෙස එක්විය යුතුය.

ලක්මාල්_පළිහවඩන Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan