*
Friday, October 25, 2024
spot_img

Latest Posts

විදුලි – තෙල් නාටකය ආණ්ඩුවේ වුවමනාව නෙවෙයි නම් ගම්මන්පිල ඉවත් කළයුතුයි – ආනන්ද පාලිත

විදුලිබල අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා පසුගිය දිනවල රඟදැක්වූ නාටකය ආණ්ඩුවේ වුවමනාව මත සිදුකළ එකක් බවත් එසේ නොවන්නේ නම් උදය ගම්මන්පිල මහතාව බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුව ඇති බවත් සමගි ඒකාබද්ධ ඛනිජතෙල් වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

“දැන් පිරිපහදුවට 30 වෙනිදා ගේනවාලු බොරතෙල්. පිරිපහදුව පටන් ගන්න යනකොට 100%ක් ඒකෙන් හදන්න පුළුවන්කම තියෙද්දී ඉන්දියාවෙන් කඩිනමින් විදුලිබල මණ්ඩලයට තෙල් ගන්න යනවා. විදුලිබල මණ්ඩලයට සල්ලි දෙන්න බැරිනම්, රුපියල් දෙන්න බැරිනම් ඉන්දියාවට ඩොලර් දෙන්න පුළුවන්කමක් නෑනෙ. රට තවත් වැටෙනවා නෙ. එහෙනම් මේක කරුණු දෙකකට එනවා. එක, ඇමතිවරයා විශේෂ යෝජනා ඉදිරිපත් කෙරුවා මේ අර්බුදයෙන් ගොඩ එන්න. එයින් එක යෝජනාවක් තමයි කඩිනමින් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම. ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළායි කියලා ඩොලර් එනවාද ? නොමිලේ තෙල් නැව් එනවාද ? ජනතාව අතට මුදල් වැඩියෙන් එනවාද ? නොමිලේ ඉන්ධන ලැබෙනවාද ? නෑ …. ඉන්ධන මිල වැඩිකරන්නයි මේ යන්නෙ. ඇයි ? මාස 15ක් අඩුවෙනකොට අඩු කළේ නෑ, මාස දෙකක් සොච්චමකින් වැඩිවෙනකොට ඩොලර් අර්බුදය කියලා රුපියල්වලින් වැඩිකළා, ණය අඩුකරන්න කියලා – ණය වැඩිවුණා. ඊළඟට දෙසැම්බර් 20 වැඩිකළා පරිභෝජනය අඩු කරන්නයි ඩොලර් ඉතුරු කරන්නයි කියලා, ලෝකෙ මිල අඩුවෙනකොට. දැන් ලෝකෙ වැඩිවෙනකොට වැඩි කරන්න විදියක් නෑ, අඩුවෙනකොට වැඩිකරලා ඉවර හින්දා. දෙසැම්බර් 20 වැඩිකළේ මාස තුනක් ලෝකෙ මිල අඩුවෙනකොට. දැන් වැඩිකරන්න බැරි හින්දා දුන්නා විදුලිබල මණ්ඩලේට තෙල් ගේන එක ඉන්දියාවට. දැන් කියන්නෙ තෙල් සංස්ථාව දුවන්න බෑ කියලා. මේ නාටකය විදුලිබල ඇමතියි ඛනිජතෙල් ඇමතියි එළියෙ රඟපෑවෙ ආණ්ඩුවේ ආශිර්වාදය ඇතුව. එහෙම නෙවෙයි නම් බලශක්ති ඇමතිවරයා ඉවත් කළයුතුයි”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan