සම්ප්‍රදායික විපක්ෂ භූමිකාව අපි උඩුයටිකුරු කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව සිදුවන්නේ ආණ්ඩුව ආණ්ඩුවේ කටයුත්ත කිරීමත්, විපක්ෂය විපක්ෂයේ කාර්ය කිරීමත් උවද මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාව උඩුයටිකුරු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව කරමින් සිටින්නේ රටේ සම්පත් සියල්ල විකුණා දමමින් ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කිරීම වුවත් සමගි ජන බලවේගය නිරන්තරයෙන් රටට අගයක් එකතු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.

එම කටයුත්තට සම්බන්ධ වෙමින් ජනතාව වෙනුවෙන් තමන්ට කළ හැකි සේවය ක්‍රියාවෙන් ඔප්පු කරන ලෙස බලය ලබා ගැනීමට සිහින දකින සියලු පක්ෂවලට ද ආරාධනා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එසේ නොකර කයිවාරු ගැසීමෙන් පලක් නැති බවද පැවසීය.

කොරෝනා ව්‍යසනයෙන් මුළු ලෝකෙම දරිද්‍රතා‍යේ පතුලට යමින් සිටියදීත් ලොව ඉහළම ධනවතුන් දහ දෙනාගේ ධනය ඉහළ ගොස් ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා ලංකාවේ ද තත්ත්වය ඊට සමාන බව පෙන්වා දුන්නේය.

වර්තමානයේ සිදුවන්නේ රටේ තිබෙන රාජ්‍ය දේපල විකිණීම වුවත්, තමන් සිදු කරන්නේ රටට අගයක් එකතු කිරීම බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ “සමගි ජන බලවේගයෙන් හුස්මක්” සහ “ජනසුවය” ඒකාබද්ධව බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ට ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ලක්ෂ දොළහක් වටිනා මෙම ත්‍රීරෝද රථය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඉනෝකා දීපානී ලියනගේ මහත්මිය වෙත පෙරේදා (25) පරිත්‍යාග කරනු ලැබීය.

අදාල ත්‍රීරෝද ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ලබා ගත හැකි ලබාගත හැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, විශේෂයෙන්ම ඩෙංගු මර්දන ව්‍යාපෘතිය උදෙසාත්,දුමායන කටයුතු උදෙසාත්, කොරෝනා ආශ්‍රිතව ආසාදිතයින් සොයා ගැනීම උදෙසාත්, පවුල් සෞඛ්‍යමය කටයුතු උදෙසාත් ඇතුළු බොහෝ කටයුතු උදෙසා එය ප්‍රයෝජනවත් වනු ඇතැයි ද පැවැසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...