වියත්තුන්ට තැන දෙන බව පවසමින් පැමිණි ආණ්ඩුව දැන් මැරයන් විසින් වියතුන් පන්නා දමන තැනට පත් වී ඇති බව එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
මේ වන විට ලංකා ලුණු සංස්ථාවේ සභාපතිට සිදුව ඇත්තේ එවැනි දෙයක් බව ඔහු සඳහන් කරයි.
බංකොලොත් වී තිබුණ ලුණු සංස්ථාව යම්කිසි ආකාරයකට ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමෙන් පසු සභාපතිවරයාව, හම්බන්තොට නම් දැරූ පිස්තෝල නගරාධිපති ලවා තර්ජනය කර එළියට දැමීමට කටයුතු කර තිබෙන බවයි ඔහු පවසන්නේ.
රාජපක්ෂ දේශපාලන පැලැන්තියේ චරිත ස්වභාවය මෙය වන අතර මෙවන් ආණ්ඩුවක බඩ වියතුන්ට හැර සැබෑ වියතුන්ට සිටීමට හැකි ආණ්ඩුවක් නොවන බව චමීර පෙරේරා මහතා අවධාරණය කරයි.
ASK