*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අකාලයේ අප අතරින් සමුගත් අථිල අතාවුද වෙනුවෙන් පුස්තකාලයක්. ඔබත් පොතකින් දායක වෙන්න

තරුණ නීතිඥවරයකු, නිවහල් චින්තකයෙකු, ලේඛකයෙකු, දේශකයෙකු, මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ අථිල ආතාවුද මහතා අභාවප්‍රාප්ත වී තෙමස් පූර්ණය නිමිත්තෙන් කුරුණෑගල ගිරිවුල්ල ග්‍රාමයේ ඉදිවෙන අථිල අතාවුද අනුස්මරණ පුස්තකාලය ජනගත කිරීම 2022 ජනවාරී 28වන දින සවස 2.30ට පැවැත්වේ.

උත්සව සභාවේ ආරාධිත දේශනය නීතිඥ පියුමාල් හේරත් විසින් සිදු කීරීමට අපේක්ෂිත අතර කෙටි දෙසුම් පූජ්‍ය තිස්ස සුමනානන්ද හිමි ජේෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මාධ්‍යවේදී අශෝක චන්ද්‍රසේකර මෙන්ම කිවියර මිගාර බමුණුසිංහ විසින් සිදු කරනු ලැබේ. ප්‍රවීන සන්නිවේදක ප්‍රසාද් ඇස්වත්ත මහතා උත්සව සභාව මෙහෙයවනු ලැබේ.

මෙම පුස්තකාලය ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් “නීතීඥ අථීල අතාවුද අනුස්මරණ පුස්තකාල කමිටුව” විසින් තැබූ සටහන පහතින් දැක්වේ.


නීතීඥ වෘත්තියෙහි බැස (නො)ගිය සරා සඳ අථීල කාංචන බණ්ඩාර අතාවුද

අථීල අතාවුද නම් තරුණ නීතීඥයා, සමාජ ක්‍රියාකරුවා, ලේඛකයා අප අතරින් සමු ගෙන අදට හරියටම මාස 03 ක් ගත වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යයෙකුව සිටි අවදියේ ලේඛන කලාවට පිවිසි අථීල අතාවුද තරුණයා එකල රාවය පුවත්පත සමග පළවූ “සමබිම” ඉරිදා සංග්‍රහයෙහි සහාය සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළා. “සමබිම” මාසික සඟරාව සඳහා ඔහු සැපයූ ලිපි මෙරට විශාල පාඨක ප්‍රජාවකගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

නීතීඥයකු ලෙස දිවුරුම් දීමෙන් පසු කුරුණෑගල අධිකරණ කලාපයෙහි නීතීඥ වෘත්තියෙහි යෙදුණු අථීල අතාවුද මහතා කෙටි කලකින්ම දක්ෂ තරුණ නීතීිඥයෙකු ලෙස ප්‍රකට වුණා. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව සක්‍රීය භූමිකාවක් ඉටු කරමින් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද කැපී පෙනුණා.

නීතීඥ අථීල අතාවුද මහතා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය වේදිකාවෙහි සක්‍රීය මැදිහත්කරුවෙකු ලෙසයි. සමාජ ප්‍රශ්න පිළිබඳව ඔහුගේම නිර්භය ස්ථාවරයක් දරමින් ලේඛනගත කරන්නට අථීල සමතෙක් වුණා. මිය යන විට 33න් හැවිරිදි වියේ පසු වූ නීතීඥ අථීල අතාවුද මහතා පුවත්පත් සඟරා සහ විවිධ සමාජ මාධ්‍ය අවකාශයන් සඳහා ලියා පළ කළ ලිපි සංඛ්‍යාව 250 කට අධික වෙනවා. ඔහුගේ ලේඛන – දේශපාලනය, නීතිය, හේතුවාදය, පරිසරය, සාහිත්‍ය, සිනමාව, ක්‍රීඩා, විද්‍යාව ආදී පුළුල් පරාසයක පැතිර යනවා.

අථීල අතාවුද එක් ගමකට, ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට හෝ පළාතකට අයත් පුද්ගලයෙකු නොවෙයි. ඔහු ලෝකයම තනි යායක් ලෙස දැකපු නිවහල් චින්තකයෙක්. පළාත්වාදය, ආගම්වාදය, ජාතිවාදය, කුලවාදය හේතු සාධක සහිතව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් තමයි අථීල අතාවුද කියන්නේ. ඔහු සැබැවින්ම ඇවිදින පුස්තකාලයක් බඳු වුණා.

නීතීඥ වෘත්තියේ දී මුදල් යන කාරණය අථීල අතාවුදයන්ට ප්‍රමුඛ කාර්යයක් වුණේ නෑ. එහුට ද්වීතිය කරුණක් වුණා. කිසිවක් කර කියාගත නොහැකි අසරණ, අහිංසක, දුප්පත් ග්‍රාමීය ජනයාගේ නීතිමය ප්‍රශ්නවලට අථීල අතාවුද නොමිලේ පෙනී සිටියා. ඔහුගෙන් නීතීඥ සේවය ලබාගත් විල්ගම්දෙමටව, ගෝනගම, නෑටිය සහ තිස්සව ආදී ප්‍රදේශවල ගැමියන් අදටත් ඔහුගේ නම කියන විට දෑස් තෙත් කර ගන්නවා. ලෝකයටම අයත් නීතීඥ අථීල අතාවුද කියන මානව හිතවාදියා වෙනුවෙන් හිිරිගොල්ල ග්‍රාමයේ නීතීඥ අථීල අතාවුද අනුස්මරණ පුස්තකාලය ගොඩනැගෙන්නේ ඒ නිසයි. ඔහු මේ බිමට ආගන්තුකයෙක් නොවෙයි.

අථීල වෙනස් මනුස්සයෙක් වුණේ කියවීම නිසයි. අථීල අතාවුද වගේ හිතන-පතන, ක්‍රියා කරන අනාගත පරපුරක් බිහි කිරීම මේ පුස්තකාලය විවෘත කිරීමේ අරමුණ වෙනවා. එම අරමුණ සඵල කර ගැනීමට අප හැකි උපරිමයෙන් කැප වෙනවා. එසේම පුස්තකාලයෙහි පොත් එකතුව වර්ධනය කර කරගැනීමට ඔබ සැමගේම සහයෝගය ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා.

නීතීඥ අථීල අතාවුද අනුස්මරණ පුස්තකාල කමිටුව
හිරිගොල්ල, ගෝනගම
කුරුණෑගල.


ලොවක් දකින්න පොතක් අරන් එදිනට ඔබත් එන්න ….

ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල
පැමිණෙන මාර්ගය

SM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan