*
Wednesday, February 28, 2024
spot_img

Latest Posts

ඉන්දියාව චීනය හා අපි

චීනය කිසිම ආකාරයකින් සමාජවාදී රටක් නොවෙයි. එය රාජ්‍ය ධනවාදී රටක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි පෞද්ගලික සමාගම්වලටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙත් ඒ සමාගම් රාජ්‍ය විසින් නියාමනය කෙරෙනවා. එහි ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදී සමාජවාදයක් තියා මනෝරාජික සමාජවාදයක්වත් නැහැ. ඇති නැති පරතරය ඉහළයි. වමාලා කතාකරන්නේ සමාජවාදයක් ගැන නොවෙයි. අනාථ කඳවුරේ කිසිවකුට කිසිම සංකල්පයක් ගැන නිරවුල් අදහසක් නැහැ. ඔවුන් මෙරට දේශපාලනයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ.

චීනය ආර්ථිකය අතින් ලෝක බලවතකු වෙලා. එපමණක් නොවෙයි පහුගිය දා පළවූ වාර්තාවක් අනුව අද බටහිර විද්‍යාඥයන්ගේ සංඛ්‍යාව අතින් ද පළ කරන පත්‍රිකා අතින් ද චීනය එක්සත් ජනපද පහු කර ගිහින්. එසේ වුවත් චීනයේ තවමත් පැරණි දැනුමට වැදගත්කමක් හිමිවෙනවා. එහි රෝහල්වල බටහිර වෙදකම මෙන් ම චීන වෙදකම ද සිදු කෙරෙනවා. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් ඒ එක ම රෝහලක දී සිිදු වෙන බව.

චීනය කියන්නෙ වෙළෙඳාම මත යැපෙන රාජ්‍යයක්. ඔවුන් ඈත අතීතයේදීත් වෙළෙන්දන්. කෝට්ටේ යුගයේදීත් ඔවුන් මෙරටට පැමිණ තියෙනවා. අපේ නැව් චීනයට ගිහින් තියෙනවා. චීන වාර්තා අනුව ඔවුන්ගේ වරායවලට පැමිණි හොඳම හා විශාලතම නැව් සිංහල නැව්. ලාංකික නැව් නම් නොවෙයි. තවත් තොරතුරු මෙරට සිංහල උගන්වන චීන අයගෙන් හරි කොන්ෆියුෂියස් ආයතනවලින් හරි දැන ගන්න පුළුවන්. චීන සංචාරකයන් ද ඈත අතීතයේ සිට මෙරටට පැමිණ ඇති බව පස්වැනි සියවසේ මෙහි වැඩම කළ ෆාහියන් හිමියන්ගේ කතාව දන්නා අය දන්නවා.

ඔවුන් ආක්‍රමණිකයන් ලෙස පැමිණි බවක් නම් සඳහන් වන්නේ නැහැ. කෝට්ටේ යුගයේ දී යම් යම් ගැටළු ඇති වී තිබෙනවා. චීන මින් රාජවාංශිකයන්ගේ කාලයේ මෙරට හයවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී චීන සෙනෙවියන් රජුට ආධාර කළ බව සඳහන් වෙනවා. ඒ අතර මෙරට රජ කුමරකු චීනයට ගෙන ගිය බවට ද සඳහනක් වෙනවා. මේ කතා සමස්තයක් ලෙස බලා ලියැවී නැති බවයි මගේ හැඟීම. මෙරට රජ කළ චීන සෙනෙවියන් ගැන හරි රජවරුන් ගැන නම් සඳහනක් නැහැ.

එහෙත් වත්මන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් මෙරටට ආක්‍රමණ සිිදු වී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අදට ඉන්දියාව එංගලන්තයෙන් නිිදහස් වී ජනරජයක් බවට පත් වී අවුරුදු හැත්තෑදෙකක් වෙනවා. අද ජනවාරි 26 තමයි ඉන්දීය ජනරජ දිනය. ඉන්දියාව නිිදහස ලැබුවේ 1947 අගෝස්තු 15 වැනි දා. මේ වසරට ඉන්දියාව නිදහස ලබා අවුරුදු හැත්තෑපහක් වෙනවා.

ඉන්දියාව මෝදි යටතේ වෙනස්කම් රාශියක් කරලා. අද වන විට ඉන්දියා නිදහස් සටනේ නායකයා ලෙස මහත්මා ගාන්ධිට තිබූ තැන නැතිවෙමින් පවතිනවා. ගාන්ධි අවසාන විග්‍රහයේ දී ඉංග්‍රීසින්ට සේවය කළ අයකු ලෙසයි කියැවෙන්නේ. සුභාෂ් චන්ද්‍ර බෝස් ඉන්දීය නිදහස් සටනේ නියම නායකයා ලෙස පිළිගැන්වීමට මෝදි ක්‍රියා කරමින් සිටින බව පැහැදිලියි. අද පැවැත්වෙන ජනරජ දින උත්සවයේදිත් එය ඉදිරියට ගෙන යාවි. එහෙත් මෝදිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ චීනයයි.

ඉන්දියාවට චීන ආර්ථික ශක්තිය ලබා ගැනීමට නොහැකි වෙලා. චීනය තමන්ට තර්ජනයක් ලෙස ඉන්දියාව දකිනවා. එබැවින් මෝදිට බටහිර ගැති ප්‍රතිපත්තිය දිගට ම ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. එය මුළු මහත් ආසියාවට ම බලපාන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය අපටත් බලපානවා. මෙරට පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන් වමාලා බයියලා ටොයියලා ආදී පිරිස්වලින් සමන්විත උපකුලක මේ ප්‍රශ්නය අවබෝධ කරගෙන ඇති බවක් පේන්න නැහැ. මේ උපකුලක ඡෙදනය වන බවත් සමහරු උපකුලක එකකට වඩා අයත් බවත් සඳහන් කරන්න ඕන.

චීනය හා ඉන්දියාව අතර ප්‍රශ්නය විසඳීමට සුදුසු ම රට ලංකාවයි. අගමැති මහින්ද රාජපක්‍ෂ වරක් කිවුවේ ඉන්දියාව අපේ ඥාතියා චීනය අපේ මිතුරා කියා. අපේ පාසල් වියේ දී අපි තිබ්බතය චීනය ඉන්දියාව දලයි ලාමා ගැන කතා කළා. ඒ විවාදවල මාතෘකා වුණා. දලයි ලාමා බුද්ධිමත්ව ක්‍රියා කෙළේ නම් ඉන්දියාව හා චීනය අතර ගැටුම වළක්වා ගන්න තිබූ බව මට දැන් වැටහෙනවා. මා දන්නේ නැහැ මෙරට මහා සංඝ රත්නයට මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න පුළුවන් ද කියා. උන්වහන්සේලා ඒ සඳහා ඉතාම සුදුසුයි. අපට බුදුදහම ලැබුණේ ඉන්දියාවෙන්. ඉන්දියාව කියා එවකට රටක් නොතිබූ බව කීම පණ්ඩිතමානී කතාවක් පමණයි. අනෙක් අතට අද ඉන්දියාවේ බුදුදහමක් නැහැ. චීනයේ යම් බුදුදහමක් තියෙනවා.

පසුගිය දා මෙරට චීන තානාපතිතුමා උතුරේ සංචාරය කළා. නල්ලුර් කෝවිලට උඩුකය නිරුවතින් ගියා. පසුව සජිතුත් ගියා. එය මාධ්‍ය සංදර්ශනයක්. එහෙත් චීන තානාපතිතුමා ගියේ මාධ්‍ය සංදර්ශන පවත්වන්න නො වෙයි. චීන තානාපති ගමනට මෙරට දෙමළ දේශපාලන පක්‍ෂ විරෝධය පළ කළා. ඒ ඉන්දියාවෙ අවශ්‍යතාවට. චීන තානාපතිතුමා කිවුවේ යාපනය ලංකාවේ උතුර මිස වෙනත් රටක දකුණ නොවන බවයි. ඔහු මන්නාරම පැත්තෙත් ගියා. ඒ විජය පැමිණි තැන සමරන්න නො වෙයි. අර රාම පාලම නමින් හැඳින්වෙන්නත් එතුමාගේ නිරීක්‍ෂණයට ලක් වුණා.

කලකට පෙර මෙරට උගතුන් ඉන්දියාව හා ලංකාව යා කරන පාලමක් හැදීමට කල්පනා කළා. එහෙත් එය සාර්ථක වුණෙ නැහැ. එමෙන් ම ඉන්දියාවට විදුලිය සපයන්නත් යෝජනාවක් තිබුණා. ඒ එකක්වත් ක්‍රියාත්මක නූණ එක හොඳයි. නැත්නම් අද අප ඉන්දියාවෙන් විදුලිය ලබා ගෙන ඉන්දියාවේ යටත්විජිතයක් වෙන්න තිබුණා. අද අප කාගෙ කාගෙත් වුවමනාවට චීනය සමග තිබුණු හොඳ හිත පළුදු කර ගෙන.

මේ අපේ හොඳකට නම් නො වෙයි. ඉන්දියාව චීනය සමග ඇති ගැටුම ඉන්දියාවේ හොඳටත් නොවෙයි. ඉන්දියාවත් චීනයත් සමගි වීම එකට වැඩ කිරීම ඒ දෙරටේත් ආසියාවෙත් යහපතට හේතු වෙනවා. ඒ දෙරටේ ගැටුම ආසියාවේ නොව බටහිරයන්ගෙ යහපතටයි. අප දෙරටින් එක් රටක්වත් අසමගි කර ගැනීම නොව දෙරට සමගි කිරීම ගැන හිතන්න ඕන. සුභාෂ් චන්ද්‍ර බෝස් ආසියාව ගැන විශ්වාසය තැබූවෙක්. ගාන්ධිට එවැනි විශ්වාසයක් තිබුණේ නැහැ. මෝදි ගාන්ධිගෙන් කැඩී සුභාෂ් පිළිගන්න එක හොඳයි. එහෙත් මෝදී එතැන නතර වෙන්න ඕන. අපේ හාමුදුරුවරුන්ට මේ ගැන ටිකක් කල්පනා කිරීමට ගෞරවයෙන් ආරාධනය කරනවා.

කාලය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan