VAT සදහා ලියාපදිංචි නොවී VAT අයකරන පුද්ගලයන් FLAT

Date:

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්, VAT සදහා ලියාපදිංචි නොවී VAT අයකරන පුද්ගලයන් හා ආයතන පිළිබඳ පරීක්ෂණ කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව VAT සදහා ලියාපදිංචි නොවී VAT අයකරන කොළඹ නගර සීමාවේ පවත්වා ගෙන යන ආයතනයක් පිළිබඳව ලැබුන තොරතුරක් මත විමර්ශනයක් 2024.01.24 දින කරන ලද අතර, එම ආයතනයේ බලධාරීන් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ නොදී එහි අගුලු දා තිබූ බැවින් පොලීස් සහය පැතීමට සිදුවූ බවද වාර්තා වේ.

එහිදී, පොලීසියේ අනුදැනුම මත අගුලු ඇරගෙන පරිශ්‍රයට ඇතුලු වීමට සිදුවූ අතර පරීක්ෂණ කටයුතු කොට අදාළ ලිපි ලේඛන හා තොරතුරු ඇතුළත් පරිගණක දෙපාර්තමේන්තුව බාරයට ගන්නා ලද බවද සඳහන් වේ.

ඒ අනුව එම තොරතුරේ නිවැරැදිතාවය සෙවීම සදහා සහ නිවැරැදි බදු ගෙවා තිබේද යන්න විමසීමට විගණන කටයුතු කිරීම ආරම්භ කොට ඇති බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...