ටේලර් ස්විෆ්ට්ගේ ඩීප්ෆේක් ඡායාරූප තුළින් AI හි භයානකත්වය නැවතත් කරළියට!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටේලර් ස්විෆ්ට්ගේ පැහැදිලි ව්‍යාජ ඡායාරූප මිලියන ගණනක් අන්තර්ජාලය හරහා නැරඹීමෙන් පසුව, ගැඹුරු ව්‍යාජ රූප නිර්මාණය කිරීම අපරාධයක් බවට පත් කිරීම සඳහා නව නීති සම්පාදනය කරන ලෙස එක්සත් ජනපද දේශපාලනඥයන් ඉල්ලා සිටී.

ස්විෆ්ට්ගේ ව්‍යාජ ඡායාරූප X සහ Telegram ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළ කර ඇති අයුරු දක්නට ලැබිණි.

එක්සත් ජනපද නියෝජිත ජෝ මොරල් විසින් මෙලෙස ව්‍යාජ ඡායාරූප දිගින් දිගටම පැතිරීම භයානක තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.

එම ඡායාරූප “කඩිනමින් ඉවත් කිරීම” සහ ඒවා පැතිරවීමට සම්බන්ධ ගිණුම් වලට එරෙහිව “සුදුසු ක්‍රියාමාර්ග” ගන්නා බව X ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

ප්‍රකාශනය කරන අවස්ථාවේ බොහෝ පින්තූර ඉවත් කර ඇති බවක් පෙනෙන්නට තිබුණද, Swift හි එක් ඡායාරූපයක් ඉවත් කිරීමට පෙර මිලියන 47 වාරයක් නරඹා ඇති බව වාර්තා වේ.

ඩීප්ෆේක් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් කෙනෙකුගේ මුහුණ හෝ ශරීරය හසුරුවමින් වීඩියෝ දැන් සුලබ කරුණක්ව හමාරය. 2023 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ AI හි මතුවීම නිසා 2019 සිට මෙම ව්‍යාජ ඡායාරූප නිර්මාණය කෙරෙහි 550% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...

ආයෙත් හිතමු…

ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා...

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...