වීවල අවම මිල ප්‍රකාශයට පත්කිරීම පමා කරන්නේ අපි හිතාමතාමයි. ගොවියාට වැඩි මිලට වී විකුණාගන්න දෙන්න ඕනෑ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වී සඳහා අවම මිලක් ප්‍රකාශයට පත්කිරීම රජය විසින් ප්‍රමාද කරන්නේ හිතාමතාම බවත් එසේ ප්‍රමාද කරන්නේ ගොවීන් ගැනම සිතා බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ආදරණීය ගොවි ජනතාවට අපි කියන්නෙ, මේ වීවල සහතික මිලක් නිකුත් කිරීම පමා කරලා තියෙනවා කියලා අපට චෝදනාවක් එල්ල කරලා තියෙනවානෙ, ඔව් පමා කරලා තියෙන්නෙ. මේ පමා කරලා තියෙන්නෙ අපි හිතාමතාම. අපි හිතාමතාම පමා කරලා තියෙන්නෙ. ඇයි ඒ ? ගොවියා ගැනම හිතලා. අමු තෙත වී රුපියල් 140 ටත් පහුගිය දවස්වල ගියා. ඊටපස්සෙ දැන් නම් ටික ටික පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට වේළපු වී කිලෝ එකක් කීයක් වෙනවාද ? රුපියල් 160 කට ආසන්න මිලක් වෙනවා. මේ විකෘතියක් නෙ. එහෙම ගියොත් හාල් කිලෝ එක කීයක් වෙයිද ? හාල් කිලෝ එක රුපියල් 300ක් වත් වෙයි.

මේ විකෘතිය තමයි ගොයම් කපන කාලෙට මුලින්ම නිර්මාණය කරන්නෙ. අපි හිතමු ගොවි ජනතාව වැඩි මිලකට මේ වෙලාවෙ වී විකුණනවා. ඉතින් ඒකට අවස්ථාව අපි දෙන්න ඕනෙ. ගොවියාට දැනට වී විකුණාගැනීමට බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා නෑ. වීවලට මිලක් නෑ කියන ප්‍රශ්නයක් ඇවිල්ලා නෑ. ඔය ප්‍රශ්න දෙකෙන් ගොවියා පෙළෙනවා නම්නෙ ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙන්න ඕනෙ. එහෙම කිසිම ප්‍රශ්නයක් ගොවියාට නැතිව තියෙද්දී අපි මොකටද මැද්දෙන් පැනලා ප්‍රශ්නයක් ඇති කරන්නෙ ? අපේ රජයේ අවම මිල නියම කළොත් මොකද වෙන්නෙ ? දැන් මේ විකෘති තත්වයක් ඇතුළෙ ඔය පවතින මිල පහළට එනවා. එතකොට ආයෙ ගොවි ජනතාවට එතන අසාධාරණයක් වෙනවා. ඒ ගොවි ජනතාවගෙන් අපට ආයෙ ඇගිල්ල දික්වෙනවා. මේ තත්වයත් එක්ක අපි හිතාමතාම තමයි වී කිලෝ එකේ අවම මිල තවමත් ප්‍රකාශයට පත් නොකර ඉන්නෙ.

මොකද, මේකෙ නාඩි හොඳට අපට තේරෙනවා. ඒක නිසා කල්යල් බලලා අදාළ වෙලාවට අපි අවම මිල නියම කරනවා. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ ගොවියාට අසාධාරණ මිලක් අපි නියම කරනවා කියලා. ගිය වතාවෙ ගත්තොත් නිෂ්පාදන වියදමට එකතු කරලා තිබුණෙ රුපියල් 5 යි. ගොවියාට විකුණන්න සිද්ධ වුණා තුට්ටු දෙකට වී. අපි එහෙම කරන්නෙ නෑ. ඉතිහාසයේ පළවෙනි වතාවට නිෂ්පාදන වියදමෙන් 30%ක් එකතු කරලා වී කිලෝ එකට සාධාරණ මිලක් අපි දෙනවා. ගොවියාට සාධාරණත්වය ඉෂ්ඨ කරනකොට මේකෙ සාධාරණත්වය පාරිභෝගිකයාටත් යන්න ඕනෙ. ගොවියයි පාරිභෝගිකයායි අතරමැද්දේ ඉන්නවා අගය එකතු කරන කණ්ඩායම. ඒගොල්ලොත් මේකෙ ආරක්ෂා වෙන්න ඕනෙ. ඒ නිසා ඉදිරි දිනවල වීවල අවම මිල රජය විදියට ප්‍රකාශයට පත් කරනවා. ඒත් එක්කම වී ගබඩා ඇරෙනවා, වී ගන්න එක පටන් ගන්නවා. වී ගබඩාවලදී ගන්න ක්‍රමවේදයත් අපි වෙනස් කරලා තියෙනවා. රජය සැලකිය යුතු වී ප්‍රමාණයක් ඒ අදාළ අවස්ථාව ආවාම මිලදී ගන්නවා. එතෙක් අපි ගොවියාට අසාධාරණයක් වෙන විදියට අපේ තීන්දු තීරණ ප්‍රකාශය පත්කරන්න අපි සූදානම් නෑ”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 27) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...