උතුරු ගාසා තිරයට පැමිණෙන පලස්තීනුවන් සංඛ්‍යාව 300,000 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමය ප්‍රක්ෂයට පත් කිරීමත්, ඊයේ(27)දින සිට නෙට්සාරිම් කොරිඩෝව විවර කිරීමත්, සමඟ මේ වන විට යුද්ධය හේතුවෙන් සිය ගම බිම් වලින් පලාගිය පලස්තීනුවන් 300,000කට අධික ප්‍රමාණයක් නැවත උතුරු ගාසා තිරයට පැමිණ ඇති බව හමාස් පාලනය කරන රජයේ මාධ්‍ය කාර්යාලය වාර්තා කර තිබේ.

2023 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය විසින් එහි මිලිටරි ආක්‍රමණයට පෙර උතුරු ගාසා තීරයෙන් පලා යන ලෙස දළ වශයෙන් මිලියනයකට පමණ මිනිසුන්ට නියෝග කිරීමෙන් අනතුරුව ගාසා වැසියන් පලා ගියහ.

යුද්ධය හේතුවෙන් මේ වන විට ගාසා තිරය එකම සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති අතර ජලය, විදුලිය සහ මූලික සැපයුම් සඳහා ප්‍රවේශය අතිශයින් සීමිතය.

පලස්තීන සරණාගතයින් ගාසා තීරයෙන් පිටතට ගෙන යාම, 1948 ඊශ්‍රායලය බිහිවීමත් සමඟ ඇති වූ මහා පරිමාණ අවතැන්වීම් පිළිබඳ වේදනාකාරී මතකයන් අවදි කරනු ඇති අතර ලොව පුරා පලස්තීන සරණාගතයින් මිලියන 5.9 ක් පමණ සිටින බව කියවේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...