මහින්ද මහත්තයාගේ අගය තාම බොහෝ අයට තේරිලා නැහැ – නාමල්

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අගය බොහෝ දෙනාට තවමත් වැටහී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම අගය වැටහීමට තව බොහෝ කාලයක් ගතවෙනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

” මහින්ද මහත්තයා මේ රටේ මිනිස්සුන්ට වැඩ කළා. එය ප්‍රතික්ෂේප කරපු අය ඉන්නවා. ඒක විවේචනය කරපු අය ඉන්නවා. ඒකට ආදරය කරපු අය ඉන්නවා. ඒක තමයි ලෝකේ හැටි. හැබැයි ඉතින් අපි හිතේ කහටක් තියාගෙන වැඩකළේ නැහැ. හිතේ සතුටින් කළේ. ඒ නිසා මහින්ද මහත්තයා අදත් හිතේ සතුටින් ඉන්නවා.”

නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (27) රාත්‍රියේ විජේරාම නිවසට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ක්‍රියාකාරිව සිටි සහ සිටින පිරිස් මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා විජේරාම නිවසට පැමිණෙමින් සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...