වී මිල ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ (LNW):

අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වූ අවස්ථවේදීම වී සඳහා සහතික මිලක් නියම කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙම අවස්ථාවේදී වී රජයට වී වී ලබා දීම නොව පෞද්ගලික අංශයට වී ලබා දීම තුළින් ගොවියාට වාසි සහගත බවද කියා සිටියේය.

වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ගොවියාට මේ වෙලාවේ තියෙන වාසිය රජයට ලබා දෙන එක නෙමෙයි දැනට එදිනෙදා වෙළෙඳාම සඳහා වී මිලදී ගන්නා, ඒක සහල් කරලා වෙළෙඳපොළට නිකුත් කරන අයට තමයි ගොවියාට මේ වෙලාවේ වාසි.

හැබැයි මහා පරිමාණෙන් වී මිලදී ගත්තාට පස්සේ ඒකට මුහුණ දෙන්න රජයට ස්ටොක් එකක් තියෙන්න ඕනේ. අපි රජය මැදිහත් වෙලා වී ගබඩා අලුත්වැඩියා කරන්නෙත්, වී මිලදී ගැනීම සඳහා රජය යම් මුදලක් වෙන් කරලා තියෙන්නෙත් මේ සමස්ත වී ප්‍රමාණය රජය මිලදී ගන්නත් නෙමෙයි. ඒක රජයට කරන්නත් බෑ සහ කළ යුතු නෑ. අපේ රටේ වී වෙළෙඳපොළත් එක්ක ඉන්න සුළු, කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රාශියකුත් ඉන්නවා. 

අපිට අවශ්‍ය කරන්නේ ගොවියාට සහ පාරිභෝගිකයාට දෙන්නාටම සහන සැලසෙන විදිහට රජය මැදිහත් වීමක් කරලා මිල යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තියාගෙන ඉන්න එක. අපේ මැදිහත්වීමෙන් ගොවියාට අසාධාරණයක් නොවිය යුතුයි, පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවිය යුතුයි. සහල්වල සහතික මිල ඉවත් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ  ඒකට සරිලන ලෙස වීවලට අවම සහතික මිලක් නිකුත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට නියෝජ්‍ය ඇමතිතුමා කියපු විදිහට වෙළෙඳපොළේ හැසිරීම දිහා බලමින් වී මිල අඩු වෙනවා කියලා දැනිච්ච ගමන් රජය සහතික මිල ප්‍රකාශට පත් කරනවා. දැනට කළබල විය යුතු නෑ.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යේමනයට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයින් 50 කට අධික පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයට ඔබ්බෙන් ගල්ෆ්...

එළවළු, මාළු, පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී...

මන්ත්‍රී චාමර සම්පත්ගෙන් පොලීසිය භාර ඇමතිට එරෙහි පැමිණිල්ලක්!

කොළඹ LNW: 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව...

ආදිවාසි ජනතාව දළදා වහන්සේ උදෙසා කළ මී පැණි පූජාව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: අද (04) දින ...