පාර්ලිමේන්තුවේ කෑම මිල අඩුකරන ලෙස සජබ මන්ත්‍රීගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආහාරපාන නිර්දේශ කර ඇති මිල ගණන්වලට නොවටිනා හෙයින් ආහාර වල මිල ගණන් අඩු කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

මේ වන විට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ තීරණයකට අනුව පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ ආහාර මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 300කට ලබා දෙන දහවල් ආහාර වේලක් රුපියල් 1200 දක්වා ද, රුපියල් 100කට ලබාදෙන උදැසන ආහාරවේල 600 දක්වා ද, රුපියල් 50කට ලබා දුන් කිරි තේකක් රුපියල් 200 දක්වා ද මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත් මේ වන විට පිටත ආපන ශාලා මිලගණන් හා සසඳන විට ඉතාමත් සුළු මුදලකට මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දෙන ආහාරපාන පිරිවැය ආවරණය කරන මිලක් දක්වා ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේ අනුමැතියද හිමි වුණි.

කෙසේවෙතත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේ ඔහුගේ ගණන් බැලීම අනුව නම් ඉහළ දමා තිබෙන පාර්ලිමේන්තුවේ ආහාර මිල ගණන් වැඩි බවයි.

”දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් දවල් කෑම කනවා නම් රුපියල් 300 ක් අය කරනවා, දැන් ආණ්ඩුව යෝජනා කර තිබෙනවා 1200ක් වගේ ප්‍රමාණයක් දාන්න. මගේ පුද්ගලික හැගීම නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන බුෆේ එක රුපියල් 1200ක් වටින්නේ නැහැ. මගේ ගණන් අනුව නම් ඕක රුපියල් 700ක් 800ක් වගේ ප්‍රමාණයකට ඒකක වටිනවා” යනුවෙන් ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...