මෙරට විශ්ව විද්‍යාලත් අන්තර්ජාතික තලයට – කැබිනට් යෝජනාවකට අනුමැතිය!

Date:

කොළඹ LNW:මෙරට විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගැනීම මෙන්ම අන්තර්ජාතිකකරණය වෙනුවෙන් විදේශ විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපන සහයෝගිතාවන් වර්ධනය කිරීමෙන් ගිවිසුම් කිහිපයකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මෙරට විශ්ව විද්‍යාල හා අදාළ විදේශ විශ්ව විද්‍යාල සමඟ එම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට යෝජිත ඇත.

අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

එම කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව චීනය, ජපානය,ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,නොර්වේ,ඇමරිකාව සහ කොරියාව යන රටවල තෝරාගන්නා ලද විශ්ව විද්‍යාල සමඟ මෙරට විශ්ව විද්‍යාල අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...