නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

Date:

විශේෂ ලිපිකරුවකු විසිනි

ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ සහ විවෘත දේශපාලන අවස්ථාවකට මුහුණ දී සිටියි. 2025 යෞවන නායකත්වයෙන් උත්ප්‍රේරිත විරෝධතා, තේරී පත් වූ රජයක බිඳ වැටීම සහ අන්තර්කාලීන තාක්ෂණික පරිපාලනයක ධුර කාල පසුබිමකින් පසුව රට නැවතත් මැතිවරණයකට සූදානම් වෙමින් සිටියි.

එහෙත් මෙවර ජනමානය වෙනස්ය. දේශපාලන අස්ථාවරතාව, දූෂණය සහ ඉටු නොවූ පොරොන්දු පිළිබඳ මහජන කලකිරීම හේතුවෙන් පක්ෂපාතිත්වයට වඩා කාර්යක්ෂමතාව, විශ්වාසනීයභාවය සහ ආර්ථික දිශානතිය කෙරෙහි ඡන්දදායක අපේක්ෂාවන් ස්ථාන ගත කර ඇත.

මෙවන් පසුබිමක ජාතික නායකයකු ලෙස මෙන්ම අගමැති ධුරයට පවා ඉදිරිපත් විය හැකි පුද්ගලයකු ලෙස බිනෝද් චෞද්‍රි පිළිබඳ අදහස වඩ වඩාත් බරපතල දේශපාලන සාකච්ඡාවට පිවිසෙමින් තිබේ.

මෙය හුදෙක් ප්‍රශංසාවක් ලෙස හෝ සරලව ප්‍රතික්ෂේප කළ යුතු අදහසක් නොව චෞද්‍රිගේ හැකියාවන් සහ භූමිකාව සහ නේපාලයට අද අවශ්‍ය නායකත්වය කුමක්ද යන්න පිළිබඳ විශ්ලේෂණාත්මක සලකා බැලීමක් ලෙස දැකිය යුතුය.

චෞද්‍රි නේපාලයේ ජාත්‍යන්තරව වඩාත්ම සාර්ථක ව්‍යවසායකයා ලෙස වඩාත් ප්‍රසිද්ධය. CG Corp Global හි සභාපති ලෙස ඔහු ආහාර හා පානීය, බැංකුකරණය, ආගන්තුක සත්කාර, බලශක්තිය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවලින් සමන්විත බහුජාතික ව්‍යාපාර ජාලයක් ගොඩනඟා ඇත. එය ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ ඇමරිකා මහද්වීපය පුරා විහිදී ඇත. ප්‍රතිපත්ති සැලසුම් ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත් කිරීමට දේශපාලන නායකත්වය බොහෝ විට අසමත් වූ එවැනි රටක මෙවන් පසුබිමක් කැපී පෙනෙයි.

අද නේපාලය මුහුණ දෙන ප්‍රධානතම ආර්ථික අභියෝග වන්නේ ඉහළ ද්‍රව්‍ය මිලවල් හෝ විදේශ මුදල් හිඟය නොව දුර්වල පෞද්ගලික ආයෝජන, යෞවන විරැකියාව සහ සීමිත කර්මාන්තමය වර්ධනයයි. මේ සෑම අංශයකම හිඟයන්ට චෞද්‍රිගේ වෘත්තීය ජීවිතය සෘජුව සම්බන්ධ වේ. ඔහු දිගු කාලයක් තිස්සේ පුරෝකථනය කර ඇත්තේ පුරෝගාමී නීති පද්ධතියක්, ආයෝජක විශ්වාසය සහ රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳවයි. මේ සියල්ල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමඟ සමපාත වන අතර ආර්ථික විද්‍යාඥයන් තර්ක කරන්නේ නේපාලයට රැකියා උත්පාදනයට, නිෂ්පාදනය පුළුල් කිරීමට සහ අපනයන විවිධාංගීකරණය කිරීමට හදිසි අවශ්‍යතාවයක් ඇති බවයි.

විරැකියාව තවමත් ද්විත්ව ඉලක්කම් සීමාවට ආසන්නව පවතින අතර තරුණ අපේක්ෂා භංගත්වය දේශපාලන අස්ථාවරත්වයට අඛණ්ඩව හේතු වන බැවින් හුදෙක් පොරොන්දු පමණක් ලබාදෙන නායකයෙකුට වඩා මහා පරිමාණ රැකියා සැබෑවටම නිර්මාණය වන්නේ කෙසේද යන්න තේරුම් ගන්නා නායකයෙකුට ජාතික ප්‍රමුඛතා නැවත ක්‍රමාංකනය කළ හැකිය. අද බොහෝ පුරවැසියන්ට ආර්ථික ප්‍රතිඵල දේශපාලන මතවාදය තරම්ම වැදගත් වී ඇත.

චෞද්‍රි දේශපාලනයට පිටස්තරයකු ලෙස පැමිණි අලුත් මුහුණක් නොවේ. නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන සමඟ ඔහුගේ සම්බන්ධතාවය දශක ගණනාවක් දිග හැරේ. ව්‍යවස්ථා සම්පාදන කාලය තුළ ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡාවලට සහභාගී වීම, CPN-UML යටතේ ව්‍යවස්ථා සභා සාමාජිකයෙකු ලෙස සේවය කිරීම සහ පසුව කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කිරීම යන මේ සියල්ල ඔහුගේ අත්දැකීම් වේ. ඔහුගේ හරස්-පක්ෂ ගමන් පථය බොහෝ විට අවස්ථාවාදී ලෙස විවේචනයට ලක් වේ.විවේචකයන් එසේ චෝදනා කළද සහාය දක්වන පිරිසට අනුව මෙය බෙදුණු දේශපාලන පද්ධතියක ප්‍රායෝගිකත්වයකි.

2025 විරෝධතා න්‍යායවාදී නොව වගකීම් ඉල්ලීම් මත පදනම් වූවක් විය. දූෂණය, අකාර්යක්ෂමතාව සහ දේශපාලන ප්‍රභූන් පිළිබඳ මහජන කෝපය එයට හේතු විය. මෙවන් පසුබිමක ප්‍රතිඵල කේන්ද්‍රීය කළමනාකරුවකු ලෙස චෞද්‍රිගේ නායකත්ව ශෛලිය, විප්ලවවාදී වාචාලකම කෙරෙහි අඩු උනන්දුවක් දක්වන සහ ආයතනික කාර්ය සාධනය සහ සේවා සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන යෞවන පරපුරට ආකර්ෂණීය විය හැක. ඔහුගේ බහුජාතික ව්‍යාපාර කළමනාකරණ අත්දැකීම්, රජය තුළ ශක්තිමත් සම්බන්ධීකරණයක්,පැහැදිලි වගකීම් සහ කාර්යසාධනය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් බිහි කිරීමට උපකාරී විය හැකිය.

එහෙත් සැලකිය යුතු ගැටළුකාරී තත්වයන්ද පවතී. එක් පුද්ගලයෙකු තුළ ධනය සහ බලය එකතු වීමම යනු උනන්දුව පිළිබඳ ගැටුම් සහ සාධාරණ සම්පාදනය පිළිබඳ වලංගු ගැටලු මතු කරයි. ඕනෑම බැරෑරුම් නායකත්ව ලංසුවකට ශක්තිමත් ආරක්ෂණ අවශ්‍ය වනු ඇත. එබැවින් ඔහුගේ නායකත්ව උත්සාහයක් සාර්ථක වීමට නම් ව්‍යාපාරික අවශ්‍යතා සහ රාජ්‍ය අධිකාරිය අතර පැහැදිලි වෙන්වීමක්, blind trust පද්ධති සහ ස්වාධීන දූෂණ විරෝධී ආයතන ශක්තිමත් කිරීම පිළිබඳ පැහැදිලි කැපවීමක් අවශ්‍ය වේ.

චෞද්‍රි පදනම (Chaudhary Foundation) හරහා සිදු කළ පුණ්‍ය කටයුතු යම් ප්‍රතිසමතුලිතතාවයක් ලබා දෙයි. චෞද්‍රි පදනම හරහා ඔහු ආපදා සහන, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ තිරසාර සංවර්ධන මුලපිරීම් සඳහා සහාය ලබා දී ඇති අතර 2015 භූමිකම්පාවෙන් පසු සැලකිය යුතු දායකත්වයක් ද ලබා දුන්නේය. පරිත්‍යාගශීලීත්වයට රාජ්‍ය ප්‍රතිපත්තිය ආදේශ කළ නොහැකි වුවද එය රාජ්‍යය සමඟ තනිකරම ලාභාත්මක (extractive) සම්බන්ධතාවයකට වඩා නේපාලයේ සමාජ සංවර්ධනයේ දිගුකාලීන කැපවීමක් පෙන්නුම් කරයි.

දේශපාලනිකව චෞද්‍රි හට සම්ප්‍රදායික පක්ෂ සහ නැගී එන විරෝධතා-ධාවන නව බලවේග අතර පවතින බෙදීම සම්බන්ධ කළ හැකි “පාලමක්” විය හැකිය. ඒ ආර්ථික විශ්වාසනීයභාවය, පක්ෂ අත්දැකීම් සහ ජාත්‍යන්තර පළපුරුද්ද එකට ගත් නායකයෙකු ලෙස විරෝධය මැඩපැවැත්වීමෙන් නොව වර්ධනය, රැකියා සහ පාලන ගුණාත්මකභාවය වැනි ප්‍රතිඵල කේන්ද්‍රීය සංවාදයකට දේශපාලනය යොමු කිරීමෙන් ස්ථාවරත්වයක් ගොඩනගමින්ය.

අවසාන වශයෙන්, ජාතික නායකයෙකු ලෙස බිනෝද් චෞද්‍රි සඳහා වන තර්කය මුල් බැස ඇත්තේ පරිපූර්ණත්වය තුළ නොව වෙනස් නායකත්වය තුළ ය. පැරණි දේශපාලන සූත්‍ර අසාර්ථක වී ඇති බව පැහැදිලි වූ මොහොතක ආර්ථික ශක්තිය ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමක් ලෙස සලකන නව පාලන දර්ශනයක් නේපාලයට අවශ්‍ය වේ.

චෞද්‍රිට තම ව්‍යාපාරික දක්ෂතාවය මහජන වගකීම සහ සමාජ විවිධත්නය මෙන්ම අන්තර්කරණය සමඟ විශ්වාසනීයව සම්බන්ධ කළ හැකිද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි. නමුත් නේපාලය ඉදිරිපත් වන අතිශය තීරණාත්මක මැතිවරණයක් වෙත ගමන් කරන අතර එම ප්‍රශ්නය මතු වීමම මහජන අපේක්ෂාවන් මූලිකව වෙනස් වෙමින් පවතින බවට සංඥාවක් වේ සහ අභිලාෂයන්ට සමාන ප්‍රතිඵල ලබා දිය හැකි නායකත්වයක් සොයන ගමනකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කස්සප හිමි ඇතුළු කණ්ඩායමට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත...

ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන අජිත් පවර් මිය යයි…

රෂිකා හෙන්නායක ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ...

ආණ්ඩුවේ අලුත්ම තීරණය – මින් ඉදිරියට ගමේ සංවර්ධන වැඩ වෙන්නේ ප්‍රජා සංවර්ධන සභා හරහා පමණයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මින් ඉදිරියට ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල...