ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: මින් ඉදිරියට ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රජා සංවර්ධන සභා හරහා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රාජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සංවර්ධන සභා සම්බන්ධීකරණ කමිටුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව ගමේ සියලුම සංවර්ධන යෝජනා ප්‍රජා සංවර්ධන සභාවට යොමුවිය යුතු අතර ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට හෝ නිලධාරීන්ට අභිමත පරිදි ක්‍රියාත්මක විය නොහැකි අතර ඊට අදාළ චක්‍රලේඛය නිසි ලෙස අධ්‍යයනය කරන ලෙස අමාත්‍යවරයා සියලු පාර්ශව වෙත උපදෙස් දීම සිදුකර තිබේ.
” ප්‍රජා ශක්ති ” දිළිඳුභව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති සහ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රජා සංවර්ධන සභා නියෝජනය කරන සභාපතිවරු හා ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨායන්හි ප්‍රජා සංවර්ධන සභා සම්බන්ධීකරණ කමිටු පිහිටුවා ඇති අතර ග්‍රාමසේවා වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා මගින් සකස්කරන සංවර්ධන ව්‍යාපෘති මෙම කමිටුවට ඉදිරිපත් කිරීමෙන් ප්‍රමුඛතාගතකරණය සිදුකරනු ලබයි.


