2022 සිදුවූ අරගලයට සම්භන්ධව හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට අධිකරණයෙන් දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW :

ඉකුත්, 2022 වසරේ මැයි 09 වනදා අරගලයට පහරදීමෙන් පසුව රට පුරා ඇති වූ  ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

එහිදී,අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ  නීතිඥවරුන්ට කළ නියෝගයේ වැඩිදුරටත් දන්වා ඇත්තේ, අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති  සී. ඩී. වික්‍රමරත්න,  හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් යන මහත්වරු වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...