දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

Date:

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත අවතැන්වූ මලෙයහ ජනතාව ඉඩම් හා නිවාස ඉල්ලා අද (28) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය.

සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරය විසින් එය සංවිධානය කරන ලදී.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් භාරදුන් අතර විරෝධතාකරුවන් හය දෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කිරීමට සාකච්ජාවක්ද ලබාදී තිබුණි.

ඒ අනුව ඔවුන් මේ වන විට මුහුණ පා සිටින දුෂ්කාරතා අතර ප්‍රධාන වශයෙන් ඔවුන්ට නිවසනයක් නොමැති වීම බරපතල කාරණයක් ලෙස දැක්වෙයි.

මීට අමතරව ආපදාව හේතුවෙන් යළි පදිංචි කිරීම් සිදුකරන තෙක් හැකි අයට කුලී නිවස්න වෙත යාමට රජය ඉඩ දී තිබෙන නමුත් ආපදාව සිදු වූ දින පටන් මේ දක්වා රජය විසින් ලබා දෙන බවට පැවසූ නිවාස කුලිය මෙතෙක් ලැබී නැති බවටද එම ජනතාව චෝදනා කළහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...